බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ.

 බුදු රජාණන් වහන්සේට සිය අවසන් භවයේදී විපාක දුන් කර්ම ද ඊට හේතු ද මේ ලිපියෙන් දැක්වේ.

   දශබලධාරී බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව ඒ මෙසේ ය:

01. සුන්දරී පරිබ්රානජිකාවගේ විහාර ස්ථානයට එන-යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් නැගීම. ඊට        හේතුව පෙර මුනලීධූර්තක ව සිටියදී සරභු නම් පසේ බුදුරදුන්ට කළ දෝෂාරෝපණය බව දත යුතු ය.

02. පෙර ලොව පහළ වූ සබ්බාභිභූ නම් බුදුරජුන්ගේ නන්ද නම් ශ්රාරවකයන් වහන්සේට කාමභෝගියා           කියලා දොස් නඟන්නට යෙදීම. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් විය. මේ සාරාසංඛය්යන කල්ප       ලක්ෂයයකටත් පෙර කරන ලද කර්මය බුදුබව ලබාද බඩදරු අම්මාගේ වෙස්ගත් චිංචිමාණවිකාව                  හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක් විය.

03. පසු කාලයකදී සුන්දරී පරිබ්රාවජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදු රජුන් ඇය දූෂණය කොට මරා           සඟවන ලද්දේ ය යි මහත් දෝෂාරෝපණයක් දින 07ක් තුළ පැවතිණි. දින 07කින් පසු සත්යෂ එළි             විය. කෙසේ නමුත් මේ නින්දාවට හේතුව පෙර භීම නම් ඍෂීන් වහන්සේට බැණවැදීම බව දත යුතු.

04. මහ බෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්දකින් පහළට තල්ලු කර          ගලක් ද පෙරළා මරාදැමුවේ ය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ජීවිතයේ ද දෙව්දත්              තෙර ගල් පෙරළූ බව දත යුතු.

05. බෝසතුන් දිනක් කුඩා ළමයකු ව සිටියදී පසේබුදු කෙනකු දැක ගලකින් ගැසුවේ ය. ඒ කර්මය                   හේතුවෙන් මේ ජීවිතයේ තම ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙදවූ බව දත යුතු.

06. පෙර බෝසතුන් ඇත්ගොව්වකු වී සිටියදී පසේබුදු කෙනකු වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා            ඇතා මෙහෙයෙව්වේ ය. උන් වහන්සේ ඍද්ධියෙන් වැඩි නමුදු පහත් සිතින් කළ කර්මය නිසා මේ              ජීවිතයේ තමන් වහන්සේ මැරීම පිණිස මත් වූ නාලාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළහ.

07. දෙව්දත් තෙරුන් තථාගතයන් වහන්සේ කෙරෙහි ගැටුණු සිතින් ගිජුකුළු පව්වේදී මහ ගලක් සක්මන්           කරන බුදු හිමිගේ හිසට පෙරළුවේ ය. පෙර පිරූ පාරමී බලයෙන් මහගලක් ඉබේ ම මතු වී ඒ ගල                   වැටෙන්නට නොදී රඳවාගත් නමුදු ගල්පතුරක් ගැලවී විත් ශ්රීෙ පතුලේ ගැටී මාපටඇඟිල්ල තැළී ලේ           කැටිගැසිණි. ජීවකතුමා ශ්රීී පතුල පලා ලේ අස් කළේ ය. මෙසේ ශ්රීඩ පතුල පළන ලද්දේ පෙර                   පෘථිවීශ්වර රජ ව සිටියදී මිනිසකු මරවන ලද පවින් බව දත යුතු.

08. තථාගතයන් වහන්සේගේ හොඳ නොවන හිස ආබාධයට හේතුව පෙර කෙවුල් පවුලක ඉපදී සිටියදී            තම ඥාතීන් බොහෝ මාළුන් ගොඩදා තිබෙනවා දැක සතුටු සිනා පහළ කළ පාපය බව දත යුතු. එදා ඒ        මසුන් මැරූ සියලු ඥාතීහු මේ ජීවිතයේ ද ඥාතීන් වී ඉපදුණහ. ඒ සැමට ඒ ප්රානණඝාත කර්මය                    විපාකදීම් ලෙස විඩුඪභ කුමරු අතින් මියයන්නට වුණු බව දක්වා ඇත.

09. තුන් ලෝකය පුරා පැතිරුණ දායක උපස්ථායක ශ්රා්වක ශ්රා විකා පිරිසක් ඇති තථාගතයන්                       වහන්සේට දොළොස්වන වස්කාලයේ එක් බත් ඇටයකුදු නොලැබී ගියේ ය. අශ්වයන්ට දෙන යවහාල්         වළඳා ජීවත් වන්න විය. මෙසේ වීමට හේතුව පෙර ඵුස්ස බුදු රජාණන් වහන්සේට “ඔබ වහන්සේ මේ         ප්රයණීත ඇල්හාල් වළඳනවාට වඩා හොඳයි යවහාල් වැළඳුවා නම්” කියා දොස් නැඟූ පාපය බව දත           යුතු.

10. සුගතයන් වහන්සේට හොඳ නොවන කොන්දේ ආබාධයක් තිබිණි. ධර්ම දේශනා කරන අවස්ථාවල            එය හැදුණු විට සැරියුත් හිමිට දම්දෙසුම පවරා විවේක ගැනීමට වැඩි බව ද සඳහන් වෙයි. මෙයට                  හේතුව පෙර මල්ලව පොර අල්ලන යෝධයකු ව සිටියදී විරුද්ධවාදී මල්ලව පොරකරුවකුගේ කොන්ද        කැඩූ පව බව දත යුතු.

11. බුදුරජුන්ට වැලඳුණ ලෝභිතපක්ඛන්දිකා (ලේ අතීසාර) රෝගයට හේතුව පෙර වෛද්යපවරයකු ව             සිටියදී සිටුවරයකුට බෙහෙත් කළ විට ඔහු නියමිත මුදල නොගෙව් අවස්ථාවේ පසු ව විරේක                       බෙහෙතක් දී ඔහුට ලේත් සමඟ විරේක වන්නට සැලැස්වීම ය. සිටුවරයා බිය වී නියමිත මුදල් ගෙව් කල       නැවත සනීප කළ නමුදු ඒ කර්මය විපාක දුන් බව දත යුතු.

12. මහ බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස සාවුරුද්දක් දුෂ්කර ක්රිසයා කිරීමට සිදු වුණේ පෙර                 ජෝතිපාල මාණවක ව සිටියදී ඝටීකාර බමුණා සමඟ කාශ්යනප බුදු රජාණන් වහන්සේට දොස් කී                පාපය නිසා බව දත යුතු.

      සත්පුරුෂ පින්වතුනි! බලන්න මහත් වූ නුවණක් ඇති මහත් වූ බලයක් ඇති මහත් වූ යසසක් ඇති මහත් වූ පිරිවර සම්පත්තියක් ඇති, මහත් වූ ගුණ සම්පත්තියක් ඇති මහත් ඍද්ධි බලයක් ඇති තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම සඳහා එන විපාකවලින් බේරී සිටීමට නොහැකි නම්, එතරම් පාරමී ශක්තියක්, ගුණ ශක්තියක්, නුවණක්, පිරිවරක්, ඍද්ධි බලයක් නැති අප ඔබ වැන්නවුන් කෙසේ නම් ගැලවෙන්න ද? එබැවින් පසුතැවිලි වන්නට සිදු වන දෑ නො කරන්න. කිසි දිනක කා හට වත් දුකක් පීඩාවක්, සිත් තැවුලක් ඇති නො කරන්න. කිසිවකුට හිංසාවක් පීඩාවක් දුකක් දොම්නසක් කරදරයක් විපතක් වෙහෙසක් නො කරන්න.

    සත්පුරුෂයනි! ඔබ කිසිවකු නොවෙහෙසෙන, මුළු ලොවක් සනසන දෑතක් ඇත්තකු වන්න. එබඳු ම අහිංසාවාදී දෙපා යුග්මයක් ඇත්තකු වන්න. තම දෙනෙතින් අනුන් නො රවටන්න; අනුන් නො රිදවන්න. මුළු ලොවක් සනසන දෙනෙතක් ඇත්තකු වන්න. ඔබ දෙසවන නොමඟට නො යොදන්න; සුමඟට යොදවන්න. කය සංවර කරගන්න. නිතර ම ඔබ කථා කරන වචන නිවැරැදි දැ යි සිතන්න. අනුන් රිදවා දුක් දී තමාට කිසිදු සැපයක් ලැබිය නොහැකි බව සිතන්න. යහපත් වූ සැම සිත් නිවන සනසන වචන ම කථා කරන්න. ඔය සිත නොමඟට නො යොදන්න; සුමඟට යොදන්න. දාන්ත වූ ශාන්ත වූ සංවර වූ සංසිඳුණා වූ සුවපත් වූ මනසක් ඇත්තකු වන්න. කිසිදු කිසිදින පහත් සිතිවිලි නො සිතන්න.

  සත්පුරුෂයනි! ඔබ ගස් අතර හඳුන් ගසක් වගේ, ඇතුන් අතර ගජමුතු තිබෙන ඇතකු වගේ, මුවන් අතර කස්තුරි තියෙන මුවකු වගේ, පාෂාණ අතර බැබළෙන මැණිකක් වගේ ගුණයෙන් නුවණින් යුත්, අනුන්ට දුක් නොදෙන, සාධු ජනයාගේ ආදර ගෞරවයට ලක් වූ, මානව හිතවාදී, දයානුකම්පිත මිනිසකු වන්න අධිෂ්ඨාන කරගන්න.

 තෙරැවන් සරණයි.

සිංහලයන් නැතිදාට බුදු දහම.

 “ජාති මෙ සිංහල බුදු සමයෙන් පිට ගියදා වැනැසෙයි භූපතිනේ” මෙය පුරාණ ගොවියන් කුඹුරු කොටමින් කී කවියෙක පදයෙකි. “බුද්ධාගම නැතිදාට සිංහල ජාතියත් නැත්තට ම නෑ” යයි කීවේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් තුමා ය.බුද්ධාගමෙන් තොර සිංහලයෙක් ද නැත. සිංහලයාට බුද්ධාගමෙන් තොර කිසිවකුත් නැත යනු උගතුන් විසින් පිළිගන්නා ලද සිද්ධාන්තයෙකි.මේ හැම කියමනෙකින් ම ප්‍රකාශ වන්නේ සිංහල ජාතියත් බුද්ධාගමත් අතර කොතරම් දැඩි සම්බන්ධයක් පැවැතුණා ද, දැන් පවතී ද යන්න යි. යම් කිසි ජාතියෙක වැදැගත්කම දැක්විය හැකි ගොඩනැඟිලි, නාට්‍ය හා චිත්‍රකලා, සාහිත්‍යය, ඉතිහාසය, ශිෂ්ටාචාරය, වර්ෂය හා කොඩිය යන ආදී මේ හැම දෙයින් ම සිංහලයාට නම් බුද්ධාගමෙන් තොර ව පෙන්විය හැකි කිසිවක් නැත. බෞද්ධ වචනවලින් තොර ව සිංහලයාට කතා කරන්නට වචන වත් සොයා ගැනීම දුෂ්කර ය. ඒ බව උදේ ගුවන්විදුලියේ “දවසේ සිතුවිලි” වලට ඇහුම්කන් දුන් විට වැටැහෙනවා ඇත. මේ කාරණය නිසා අවුරුදු දෙදහසකටත් වැඩි කාලයක් ලංකාවේ පැවැතුණේ බෞද්ධ පරිස‍රයෙකි. ලංකාවේ බෞද්ධ පරිසරය කොපමණ හොඳින් පැවැතුණාද යනු ලෝකයෙහි පැතිරී ගිය ගුණ ඝෝෂයෙන් ම පැහැදිලි වෙයි. චීන ජාතිකයන් “රත්නදීප” යයි ද, සියම් ජාතිකයන් “දේව ලංකා” යයි ද, බුරුම වැසියන් “සිංහ විහාර” යයි ද, හින්දූන් “ස්වර්ණ ලංකා” යයි ද ව්‍යවහාර කළේ තම ගෞරවය මේ දිවයිනට දැක්වීමට ය.

 “තම්බපර්ණී” ද්වීපය චෛත්‍ය මාලායෙන් ද, අර්හත් ධ්වජයෙන් ද බබළයි. එහි රිසියෙන තැනෙක හිඳිනට ද හෝනට ද හැකිය. ඍතුසප්පාය, සේනාසනසප්පාය, පුද්ගලසප්පාය, ධම්මසවණසප්පාය යන හැම පහසුකමක් ම සුලබ යයි දඹදිව පුරා පැතිරී තිබුණු කීර්ති රා‍වයෙන් ද ලංකාවේ පැවැති පරිසරය කෙබඳු දැ යි සිතා ගත හැකි ය. පෙර ලක්දිව මහාමාර්ග, පදික මාර්ග, පැන් හල්, ගේ දොර, තොටුපළවන්, කඳු කැලෑ, ගල්ලෙන්, ගුහාකුටි, විහාරශාලාදී ස්ථානයන් අතුරින් යම් යම් අය මාර්ග ඵල නො ලත් තැනක් නම් නොවූ බව ද, පිඬු සිඟා වැඩ මඳක් බලාපොරොත්තු වන ප්‍රස්තායෙහි පවා ඇතැම් පැවිද්දන් මග පල ලැබූ බව ද, එක් කලෙක ලක්දිව එක ම පුහුදුන් භික්‍ෂුවක්වත් ‍නො සිටි බව ද විභංග අටුවා‍හි සඳහන් වේ. මෙයිනුදු ලංකාවේ තිබුණු පරිසරය කෙබඳු දැයි සිතා ගත හැකි ය. මෙසේ ලංකාවේ අවුරුදු දෙදහසකටත් වැඩි කාලයක් පැවැති බෞද්ධ පරිසරය විදේශීන්ගේ පැමිණීම නිසා ඉබේ ම නැති වුණා නො‍ වේ. එය ඔවුන් විසින් බලයෙන් ම විනාශ කරනු ලැබිණි. එසේ විනාශ වුණු බෞද්ධ පරිසරය නැවතත් ඇතිකැර ගැනීමට ත‍ිබෙන බාධා නැතිකැර දැමීමට බලවත් උද්ඝෝෂණයක් ඇති කළ යුතු ය.

බෞද්ධ පරිස‍රයට ඇති බාධක මොනවා ද?

1. මෙරට හා පිටරට මත්පැන්
2. රේස් හා කානිවල් නමින් හැඳින්වෙන නා නා සූදු
3. අඩ නිරුවත් නැටුම්
4. කොක්ටේල් පාටි
5. ආලිංගන නැටුම්
6. සතුන් ඇති කැරැගෙන කන්නට උගන්වන ආයතන
7. කාමකෝප අවුස්සන අසභ්‍ය චිත්‍රපට, රූපවාහිනිය, කැසට් ටේප්, වීඩියෝ ටේප්, පොත් පත්
8. ගුණ දහම් වනසන අබෞද්ධ අධ්‍යාපනය
යන මේවා බෞද්ධ පරිසරයට ඇති බාධකයන්ගෙන් කිහිපයෙකි.

  විශේෂයෙන් අබෞද්ධ අධ්‍යාපනය මේ හැම දුශ්චරිතයකට මුල් වෙයි. එය ඔප්පු කිරීමට මේ අධ්‍යාපන ක්‍රම ඉහළටම දියුණු වී ඇති අමෙරිකාවේ දුශ්චරිත ලේඛනය ඔබට උපකාර වෙනවා ඇත.
අපරාධ අධ්‍යක්‍ෂවරයාගේ වාර්තාව අනුව හැම තත්පර 15 කට ම අමෙරිකාවේ මහා අපරාධය බැගින් සිදු වේ. හැම විනාඩි 40 කට ම මිනී මැරීමක් හෝ සිය දිවි නසා ගැනීමක් හෝ ගැන අසන්නට ලැබේ. විනාඩි 29 කට එක බැගින් ස්ත්‍රී දූෂණ සිදු වෙයි. හැම විනාඩි 8 කට වරක් සොරකමක් හෝ විනාඩි පහකට වරක් පහර දීමක් හෝ වාර්තා වෙයි. විනාඩියෙන් විනාඩියට ගෙවල් බිඳීමක් වාර්තා වෙයි. තත්පර 25 න් 25 ට සුළු සොරකමෙකි. විනාඩි දෙකහමාරකට වරක් මොටෝ රිය සොරක‍මෙකි. තමා පරීක්‍ෂා කළ අමෙරිකා‍නු කාන්තාවන්ගෙන් 26% ක් ද, පිරිමින්ගෙන් 50% ක් ද විවාහයෙන් පසු ව දුසිරිතෙහි යෙදෙන බව ඔප්පු වී ඇතැයි වෛද්‍ය කිංසි කියා ඇත. තමාට හමු වූ අමෙරිකානු ස්ත්‍රීන්ගෙන් 50% ක් විවාහයට පෙර අනාචාරයේ හැසුරුණු අය වන අතර, උගත් ශිෂ්‍යාවන් අතර නූගත් අයට වඩා දුරාචාරය වැඩි යයි ද දොස්තර කිංසි කියයි. තමා පරීක්‍ෂා කළ ගැහැණුන්ගෙන් 90% ක් සිරගෙට යැවිය හැකි තරම් දරුණු “කාම වැරැදි” කැර ඇතැයි ද හෙතෙම වැඩි දුරටත් කියයි. තම දරුවන් අසත්පුරුෂ විදේශීන් විසින් පෙත්තෙන් පෙත්තට කපනු ලබද්දීත් බුද්ධාග‍ම අත් නොහළ සිංහලයා තනතුරට, රක්‍ෂාවට, ආවාහ විවාහයට පවා ආගම අත් හරින තත්වයට පැමිණියේ මේ අබෞද්ධ අධ්‍යාපනය නිසා නො වේ ද? අප රට වැද්දන් පවා පන්සිල්හි තුන්වැනි ශික්‍ෂාපදය කඩ නො කොට ආරක්‍ෂා කළ බව වැද්දන් ගැන තොරතුරු සෙවූ සී. ජී. සෙලිග්මාන් මහතා ලියා ඇත. අද ඒ තත්ත්වය වෙනස් වී ඇත. එ බඳු කරුණුවලින් වැද්දන් පවා අශීලාචාර වූයේ මේ අබෞද්ධ ව්‍යාපාර නිසා නො වේ දැයි සලකා බලන්න.කරුණු මෙ සේ හෙයින් බෞද්ධ පරිසරයක් නැවත ඇති කිරීමට නම් රටේ අධ්‍යාපනය මෙ රට ශිෂ්ටාචාරයට අනුකූල විය යුතු ය.
බෞද්ධ අධ්‍යාපනය යනුවෙන් විශේෂ අධ්‍යාපන ක්‍රමයක් නො විය හැකි ය. මෙ කල උසස් යැයි පිළිගත් කවර අධ්‍යාපන ක්‍රමයක් වුවත් දිය යුත්තේ සංවරය, හැදියාව පසුබිම් කැරගෙන මේ රටේ ශිෂ්ටාචාරයට ගැළැපෙන පරිදි ය. ලංකාවේ ශිෂ්ටාචාරය බෞද්ධ ශිෂ්ටාචාරය යි. එය කාහට වත් හානිකර එකක් නො වේ. අපේ ශිෂ්ටාචාරයට ගැළැපෙන අධ්‍යාපනයක් ලැබූ කාලයෙහි අප රට පැවැති සාමය කොපමණ උසස් දැයි ඉතිහාසයෙන් හා ලෝක වාර්තාවලින් ද දැන ගත හැකි ය. ඉන් කීපයක් මෙසේ ය.
මැනැවින් හැඳ පැලඳ ගත් රූමත් අඟනකට වටිනා මැණිකක් අතැ තබාගෙන ලංකාවේ මුළුල්ලේ ම ඇවිදින්නට පිළිවන්කම තුබුණු බව රංගිරි දඹුල්ලෙහි සෙල් ලිපියෙන් පෙනේ.

 “මාගේ මුතුන් මිත්තන් වනචාරී ව සිටිය දී යුෂ්මතුන් ගේ මුතුන් මිත්තන් සතු ව තිබුණු සභ්‍යත්වයත් දක්‍ෂතාවයත් ගැන සිතූ මා තුළ ඉතා ම නිරහංකාර නිහතමාන සිතිවිලි බලපවත්වන්නට විය” මේ වනාහි ලක්දිව පළමු නිදහස් උත්සවයට පැමිණි මහා බ්‍රිතාන්‍යයේ ‍විදේශ භාර ඇමැති තැන්පත් ලිස්ටෝවල් සාමි කළ ප්‍රකාශයෙකි. ලංකාවේ අවුරුදු විස්සක් පමණ වාසය කළ රොබට් නොක්ස් තුමා කීවේ මෙසේ ය. “සිංහලයෝ වනාහි දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුනට ම වඩා යහපත් අය වෙති. ඔවුහු අන් හැම මිනිසුනට ම වඩා භාග්‍ය සම්පන්න ද වෙති. ඔවුහු මධුර කථා ඇති ආචාරශීලී මනුෂ්‍යයෝ ය. සිංහලයන්ගේ ගුණ ධර්ම සැකෙවින් වර්ණනා කරත හොත් මෙසේ ය. ඔවුන්ගේ ගමන් ලීලාව ද, හැසිරීම ද ඉතා උදාර ය. යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්‍ෂණ ඥානයක් සිංහලයනට ඇත්තේ ය. ඔවුහු ස්වභාවයෙන් මස් කෑමත්, මත් පැන් බීමත් අප්‍රිය කරති. ඔවුහු කිපෙනසුලු නො වෙති. කෝපයක් ඇති වුව ද එය වහා සංසිඳවා ගෙන සමඟි වෙති. සිංහලයෝ ඇඳුමෙන් පිරිසිදු ය. ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කරති, වැඩි වේලා නො නිදති. සිංහල ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීත ය. ගමන් ලීලාව ද ඉතා සංවර ය. සිංහල ස්ත්‍රීහු අරපරෙස්සමෙහි ඉතා දක්‍ෂ වෙති. ස්වාමි පුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශ‍යින් ම විශ්වාස කෙරෙති. සිංහල ස්වාමි දුව කොතරම් මහේශාඛ්‍ය වුවත් කොතරම් දැසි දසුන් සිටියත් සියතින් ම ගෙදර සියලු කටයුතු කරති. සිංහලයෝ උදේ සවස පිළිම වහන්සේ ඉදිරියෙහි මල් පූජා කෙරෙති. නවගුණ වැල් අතින් ගෙන නිතර භාවනාවෙහි යෙදෙති. සොරකම අතිශයින් ම පිළිකුල් කොට සලකති. කිසි ම සිංහලයකු කවදාවත් සොරකමක් කළ බවක් මම නො දනිමි. සිංහලයෝ කරුණා කෙරෙති. පරහට උපකාර කෙරෙති. ආගන්තුකයනට දයාවෙන් සංග්‍රහ කෙරෙති. සිංහලයන් ළඟ මේ ගුණ ධර්ම ඇති බව අත්දැකීමෙන් ම දනිමි. සිංහලයන්ගේ භාෂාව ද සිංහලයන් මෙන් ම පොහොසත් ය. එය මටසිලිටි ය. සුමධුර ය අලංකාර ය. සිංහලයෝ චතුර කථිකයෝ ය. සිංහල ද්වීපයෙහි එක ම සිංහල හිඟන්නෙක් වත් නැත.”

  මේ කරුණු හොඳින් සලකා බලා බෞද්ධ පරිසරයකට ඇති බාධා දුරු කොට උපකාරක ධර්ම ළඟා කොට බෞද්ධ පරිසරයක් ඇති කිරීමට හැම බෞද්ධයකු ම උත්සාහ දැරිය යුතු ය. එ‍‍සේ කිරීමට නම් ඉන්දියාවේ ධර්මාශෝක රජතුමා හා ලංකාවේ දුටුගැමුණු රජතුමා ආදී‍න් මෙන් නිර්මල බුද්ධ ධර්මය රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර විය යුතු ය. ගමක් පාසා බෞද්ධ පාඨශාලා හා දහම් පාසල් ඇති කළ යුතු ය. හැම ආරාමයක ම ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා පවත්වා මහජනයාට ද ධර්මය ඉගැන්විය යුතු ය. සීල භාවනාදී ගුණ ධර්ම පුරුදු පුහුණු කරවිය යුතු ය.පන්සලේ දී මෙන් ම ගෙදර දීත් පාසලේ දීත් සමාජයේ අන් හැම තැන්වල දීත් හැම කතාවක්, හැම ක්‍රියාවක්, හැම සිතිවිල්ලක් හා හැම ඉරියව්වක් ම ධාර්මික ව පවත්වන්නට පිළියෙල යෙදිය යුතුය.

                                                                                                                               උපුටා ගැනීමකි.

අට මහා කුසල්.Atamaha Kusal

අට මහා කුසල්

අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.

“කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං

බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං

ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච

කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”

මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

1.කඨින සිවුරක් පූජා කිරීම

2.අටපිරිකර පූජාකිරීම

3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම

4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.

5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.

6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම

7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම

8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.

මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම,පියා මැරීම,රහතුන් මැරීම, සංඝභේදය බුදුන්ගේ ඇගේ ලේසෙලවීම. ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.

තවද අකුසලවිපාක සම්පූර්ණයෙන්ම අහෝසිවුවායි නොසිතිය යුතුවේ. මේ හේතුව නිසා අටමහා කුසලයන් සිදු කරගැනීමට බොහෝදෙනා උනන්දුවෙති. එසේම මෙම පිංකම් සිදුකිරීම තුළින් පරියාප්ති, ප්‍රතිපත්ති, හා ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ චිරස්ථිතියටද විශේෂයෙන් මේ කාරණය හේතුවන බවද කිවයුතු වේ. මේ පිංකම් අනාගත ශාසනයේ උන්නතිය බලාම හඳුන්වා දී ඇති බව සිතිය හැකිය.

බොදු ජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය සළසා ගැනීමටත් මෙම අටමහා කුසලයන් හේතුවන බව ත්‍රිපිටකයේ සඳහන් විවිධ පිංකම්වල අනුසස් ප්‍රකාශකරන තැන්වල දක්නට ඇත. එහෙයින් අටමහා කුසලයන් සිදුකර ගැනීමට හොඳම කාල පරිච්ඡේදය වන්නේ මේ චීවර මාසය බව සඳහන් කළ හැකිවේ. අතීතයේ විසූ බොහෝ සැදැහැවත්හු මේ පුණ්‍යකාලය තුළ මේ අටමහා කුසලයන් සිදුකරගෙන පිංසිදු කරගත් ප්‍රවෘත්ති විවිධ කතා පුවත් මගින් දැනගන්නට ලැබී ඇත. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොතේ මේ පිළිබඳව සැමදෙනාගේ අවධානය විශේෂයෙන්ම යොමුවේවා.

කඨින චීවර පූජාව:-

අටමහා කුසල් අතර පළමු වැන්න වන්නේ කඨින චීවර පූජාව වේ. මෙම පිංකම සිදුකළ හැක්කේ වසරකට එක්වරක් පමණි. අනෙකුත් පිංකම් වසරේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිදුකළහැකිවේ. නමුත් කඨින චීවර පූජාවක් එසේ සිදුකළ නොහැකිය. ඒ සඳහා කරුණු රාශියක් සම්පූර්ණ වීම අවශ්‍ය වේ. විශේෂයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලොව වැඩසිටින තාක්කල් පමණක් කළහැකි පිංකමකි.

උපසපන් භික්ෂූන් වහන්සේලා ඇසළ පොහෝදින පොහොය කිරීම නම් වූ විනය කර්මය සිදු කොට ඇසළ අව පෑළවිය දින වස් විසීමට සුදුසු ස්ථානයක පෙරවස් සමාදන් විය යුතු වේ. මේ වස්තුන් ව මාසය මුළුල්ලේම ඒ සමාදන් වූ වස් ශික්ෂා පදය කඩනොකොට වස්සච්ඡෙදනයකට නොපැමිණ එය ආරක්ෂා කරගත යුතුවේ.

අනතුරුව වප් පුරපසළොස්වක් පොහෝ දින මහා පවාරණයෙන් වස් පවාරණය කළයුතුවේ. ඉන්පසු වප් අව පෑළවිය දින සිට ඉල් පුරපසළොස්වක් පොහෝදින වන මාසයක කාලයක් තුළ මෙම කඨින චීවර පූජාව සිදුකළයුතු වේ. එය චීවර මාසය නමින් හැඳින්වේ. මේ කාලය බෞද්ධයාගේ පුණ්‍ය කාලය වශයෙන් සඳහන් කිරීම නිවැරදි වේ.

අවම වශයෙන් කඨින චීවරයක් පූජාකර ගැනීමට උපසම්පදා භික්ෂූන් වහන්සේලා පස් නමක්වත් මෙයට සම්බන්ධ කරගතයුතු වේ. කඨින වස්ත්‍රය පූජා කරණ දිනයේ අරුණ නැගෙන්නට පළමුව කඨින වස්ත්‍රය විහාරස්ථානයට ගෙනවිත් මහා සංඝයාට බාරදිය යුතු වේ. එසේ කළයුත්තේ එදිනම එම වස්ත්‍රය කඩ කපා මසා පඬු පොවාගෙන එදවස තුළම කඨින චීවරයක් වශයෙන් පූජාකළයුතු බැවිනි. විනය කර්මයක් මගින් එම චීවරය සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පැවරීම මහා සංඝරත්නය අතින් සිදුකෙරේ.

විනය කර්මයකින් පවරණ එකම චීවරය වන්නේ කඨින චීවරය වේ. මේ ආකාරයේ කරුණු රාශියක් සම්පූර්ණ වීමෙන්ම මෙම කඨින චීවර පූජාව සිදුකරගතයුතුවේ.

සියලුම ආමිස දාන අතරින් කඨින චීවර පූජාමය පිංකම උතුම්ම දානය වේ. කඨින යන වචනයේ අර්ථ රාශියක් ව්‍යවහාරයේ පවතී. තද නිසාද ස්ථිර නිසාද කම්පාකළ නොහැකි අනුසස් ඇති නිසාද කඨින යන නාමය භාවිතා කරණ බව පහත දැක්වෙන ගාථාවෙන් ඒ බව පැහැදිළි වේ.

“පඨවි රිව න ජාතු කම්පතෙ – නචලකි මේරු රිවාති වායුනා

වජිර මිව න හිජ්ජතේ ඝණං – තමිද මතො කඨිනන්ති වුච්චති” යන මේ ගාථාවේ අදහසට අනුව මහ පොළව මෙන් කම්පා නොවන මහමෙරමෙන් සුළඟින් නොසෙල්වෙන ඒකඝන වූ වජ්‍ර පර්වතයක් මෙන් නොබිෙඳන හෙයින් කඨිනය යන වචනය ව්‍යවහාර කෙරේ යනු ඉහත ගාථාවේ අදහස වේ. මේ අනුව කඨිනය යනු ඉතා බල සම්පන්න පිංකමකි. කඨින චීවරය ලබාගන්නා භික්ෂූන් වහන්සේටත් විශේෂ වරප්‍රසාද නැතහොත් අනුසස් පහක් හිමි වේ. කඨිනය පූජා කරණ පිංවතුන්ටත් මහත් වූ අනුසස් රාශියක් හිමි වේ.

උත්තම පුරුෂයෙක් වශයෙන් උපත ලැබීමටත් සියලු යසඉසුරින් පිරි දෙවියෙක් හෝ මනුෂ්‍යයෙක් වශයෙන් ඉපදීමටත් උසස් කුලවලම උපත ලැබීමටත් ධනවත්ව ඉපදීමටත් කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙක්ව සමාජයේ ජීවත් වීමටත් සක්විති රාජ්‍ය ලබා ගැනීමටත් තේජස් හා කීර්තිමත් ව ජීවත් වීමටත් එසේම දුගතියක සතර අපායාදී දුක්ඛිත ස්ථානයක නො ඉපදීමටත් කඨින චීවර පූජාවෙන් ලැබෙන අනුසස් වලින් කීපයකි.

කඨින චීවර පූජාවේ අනර්ඝත්වය ප්‍රකාශවන ගාථාවක අදහස විමසා බැලීම මෙහි වටිනාකම තේරුම් ගැනීමට හොඳ සාධකයෙකි. පිරිසිදු දඹ රත්තරන් වලින් අකනිට්ඨක බ්‍රහ්ම ලෝකය දක්වා උසට සෑයක් සාදවා පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨින චීවරයක් පූජා කිරීමේ කුසලයේ දහසයෙන් පංගුවක් වත් නොවන බව දැක්වේ. එසේම මහමෙර උසට තුන් සිවුරු පූජා කළත් ඒ කරණ පූජාව එක් කඨින චීවර පූජාවකින් ලබන ආනිසංසයෙන් දහසයෙන් පංගුවක් වත් නොවන බව දැක්වේ.

මෙම චීවරය මැසීමට ගසන එක් ඉඳීකටු පහරකට සක්විති රජව ඉපදීමට තරම් හේතු සම්පත් ඇති බව “ආරපථෙ ආරපථෙ චක්කවත්ති සිරි ලාභෙ” යන ගාථාවන්ගෙන් එබව තහවුරු වේ. මෙම පිංකමේ අනුසස් ප්‍රකට කරන ප්‍රසිද්ධ කථා ප්‍රවෘත්තිය වන්නේ නාගිත චරිතාපදානය වේ. අපේ රටේ අතීතයෙහි වාසය කළ රාජරාජ මහා මාත්‍යවරු දැඩි ඕනෑ කමකින් උනන්දුවකින් මෙම පිංකම් සඳහා දායක වී ඇති බව මහාවංශය ආදි ඉතිහාස ග්‍රන්ථවලින් මැනවින් තහවුරු වේ.

අට පිරිකර පූජාව :-

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ පිරිකර අටක් අට පිරිකර නමින් හඳුන්වනු ලැබේ.

තිචීවරං ච පත්තෝච – වාසී සුචීව බන්ධනං

පරිස්සාවන අට්ඨෙතෙ – යුත් යෝගස්ස භික්ඛුනො” යෝගාචර භික්ෂු නමකට උපකාරවන පිරිකර අට මෙයින් කියවේ. ඒවා නම්

01. දෙපට සිවුර (සංඝාටිය)

02.තනිපට සිවුර (උත්තරා සංඝ)

03.අඳනය (අන්තර වාසිකය)

04.පටිය (කාය බන්ධනය)

05. පාත්‍රය (පත්ත)

06.කඩ කැත්ත (දැලිපිහිය – වාසී)

07. ඉඳීකටුව (සුචි)

08.පෙරහන් කඩ (පරිස්සාවන) යනු ඒ පිරිකර අට වේ.

අට පිරිකර පූජා කිරීමට සැදැහැවත් පිංවත් උපාසක උපාසිකාවෝ මහත් අභිරුචියක් දක්වති. එයට හේතුව නම් මේ පිරිකර පූජාව තුළින් ද මහත් වූ අනුසස් ලැබෙන නිසාවෙනි. ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.

එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී ඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්‍ය උදාවන බවද සඳහන් වේ.

එසේම අෂ්ට පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සඳහන් වේ. අප ශාසනයෙහි ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එම කරුණු සනාථකිරීමට හොඳ උදාහරණයෙකි. එහිමි මෙයට පෙර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන් වේ. ඒ කාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝ අටපිරිකරක් කිසිවෙකුට පූජාකර හෝ පරිත්‍යාග කර නොමැතිබව දැක්වේ.

ඒ හේතුව නිම එදා ගෞතම බුදුහමුවේද ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබාගත නොහැකි වීමට හේතු වශයෙන් දැක්වේ. අවසානයේ ගවදෙනෙකගේ දරුණු ඇණීමකට ගොදුරුවී පිරිනිවී බව සඳහන් වේ. පෙර සසරේ අට පිරිකරක් හෝ චීවරයක් පූජාකර තිබුණේනම් එවැන්නක් එදා සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.

අප ගෞතම බුද්ධ ශාසනයේ ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලත් තෙරවරුන්ගේ ගණන විසි අට දහස් අටසිය පණහක් (28850) ක් බව සමන්ත පාසාදිකා විනය අටුවාවේ සඳහන් වේ. මේ ආදී හේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර දෙවන තැන හිමිවී ඇතිබව සඳහන් වේ.

ආවාස දානය

බුදුසසුනට පළමු ආරාම පූජාව සිදුකළේ බිම්බිසාර මහරජතුමාය. එය වේළුවනාරාමය නමින් හැඳින්වේ. අනතුරුව අනේපිඬුසිටුතුමා පනස් හතර කෝටියක් ධනය වැයකර ජේතවනාරාමයත්, විශාඛා මහේසි උපාසිකා තොමෝ විසිහත් කෝටියක් ධනය වැයකර පූර්වාරාමයත් බුදුසසුනට පූජාකළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

එසේම ශාක්‍ය රජදරුවෝ නිග්‍රෝධාරාමයත්, පාවාරික සිටුවරයා පාවාරිකා රාමයද කොසඹෑ නුවර ඝෝෂිතාරාමය ආදී ආරාම සාදවා සසුනට පූජාකර ඇත. මේ ආකාරයට භාරතයේ විසූ රජවරු සිටුවරු මැති ඇමැතිවරු කෝටිගණන් ධනය වැයකර ඉතා රමණීය අලංකාර වෙහෙර විහාර සාදවා සසුනට පූජා කර තිබේ.

බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට අවශ්‍ය සියලු පහසුකම් මේ ආරාම තුළ තිබූ බව සඳහන් වේ. මජ්ඣිම නිකාය අටුවාවේ සේඛ සුත්‍රවර්ණනාවෙන් ආවාස දානයේ අනුසස් දක්වා ඇත. අතුසෙවිළිකළ පැලක් හෝ සෙවණ ඇති ලතා මණ්ඩපයක් හෝ පිදීමෙන් ලැබෙන ආනිසංස මෙතෙකැයි ප්‍රමාණකළ නොහැකි බව ශාක්‍ය රජදරුවන්ට බුදුරජාණන් වහන්සේ හා ආනන්ද තෙරුන් වහන්සේ දේශනාකර ඇත.

භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ සිව්පස පරිභෝගයන්ගෙන් එකකි. සේනාසන පරිභෝගය භික්ෂූන් වහන්සේ නමක් සෙනසුනක් පරිභෝග කරන්නේ සිය ධන සම්පත් ආරක්ෂා කිරීමටත්වත් සොරසතුරන්ගෙන් වන උවදුරු වළක්වා ගැනීමටවත් නොවේ.

සීත උෂ්ණ පීඩා වලකනු පිණිසත් ලේ බොන මැසි මදුරුවන් ගෙන් වන පීඩා වළක්වා ගැනීමටත් අව්ව වැස්ස සුළඟ සහ සර්පාදී සතුන්ගෙන් වන පීඩා වළකනු පිණිසත් සෘතු විපර්යාසයන් ගෙන් වන උපද්‍රව වළකාලනු සඳහාත් භික්ෂූහු ආරාම භාවිතා කරති.

ආරාම පූජාව තුළින් භික්ෂූන් වහන්සේලාට නිවන් මඟ යාමටත් ශාසනය සුරක්ෂිත කරගෙන යාමටත් ලැබෙන අනුබල සුළුපටු නොවේ. ගිහි ජනතාවටද ගෙවල් නැතහොත් නිවාසයෙන් ලැබෙන ප්‍රයෝජනය අපමණය. එය ජීවිතයක මූලිකම අවශ්‍යතාවයකි. එවැනි ආවාසයක් සාදවා පූජාකිරීමත් පරිත්‍යාග කිරීමත් තුළින් ලබන සතුට අපමණය. ලැබෙන ආනිසංසත් අපමණය.

මෙසේ ආවාස වෙහෙර පන්සල්, ගෙවල් දීම හෙවත් පරිත්‍යාගකිරීම, පූජාකිරීම මහා පිංකමක් වන බවත් එය අටමහා කුසල් අතර තුන්වන අටමහා කුසලය බව සඳහන් වේ. ආවාසගෙයක් පූජා කිරීම තුළින් ජනිත වන්නේ සියල්ල දීම තුළින් ලබන කුසලයක් බව මුලින් සඳහන්කළ සුත්‍ර පාඨයෙන් ප්‍රකාශ වේ. එය සසර සැප විපාක ලැබ නිවන් ලැබීමට මහෝපකාරී කුසල කර්මයක් බව සඳහන් කළහැකිය.

සංඝික දානය

අටමහා කුසලයන්ගේ සතරවන කුසලය වන්නේ සඟ සතු දානමය පුණ්‍ය කර්මය වේ. තමා අයිති දෙයක් වෙනත් අයෙකුට සතුටු සිතින් දීම පරිත්‍යාග කිරීම තම අයිතිය අත්හැර පූජා කිරීම දානය වශයෙන් සඳහන් කළහැකිය.

බුදු දහමේ දස දාන වස්තුවක් ගැන සඳහන් වේ. ආහාර පාන , ගෙවල්, වස්ත්‍ර, යාන වාහන, මාලා ආදී ඒ අතර වේ. නමුත් කෙනෙකුට කාලීනව අවශ්‍ය වන්නේ ප්‍රයෝජනවත් වන්නේ යම් දෙයක්ද ඒදේ දීම දානයට වස්තු වශයෙන් දැක්විය හැකිය. තමා පරිත්‍යාග කරන්නේ යම් දෙයක් ද ඒදේ සතුටු සිතින් ශ්‍රද්ධා දි ගුණ ධර්ම පෙරදැරිව කර්ම ඵල විශ්වාසයෙන් යුක්තව දීම හෙවත් පරිත්‍යාගය දානය වශයෙන් සඳහන් කෙරේ.

බුදු දහමේ බෞද්ධ ජනතාවට අනුගමනය කළයුතු පිංකම් රාශියක් දක්වා ඇත. ඒවා අතර ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දස පුණ්‍ය ක්‍රියා, දස පාරමිතා, දස රාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු ආදී ඒවා යින් කීපයකි.

මේ සෑම පිංකමකම පළමු අංකයට සඳහන් වන පුණ්‍ය ක්‍රියාව වන්නේ දානය බව පෙනේ. එයට විශේෂ ස්ථානයක් හිමිකර දී ඇත්තේ පරිත්‍යාගය තුළින් ආශාව, ලෝභය නැතිකරගැනීමට තෘෂ්ණාව නැතිකර ගැනීමට දීම හෙවත් පරිත්‍යාගය උපකාරී වන බැව් සිතා වියයුතුයි. ඒ අතරත් ආහාර දීමට පරිත්‍යාග කිරීමට බොහෝදෙනා උනන්දුවෙති. එයට හේතුව පුද්ගලයෙකුට ජීවත් වීමට අවශ්‍ය ප්‍රධානම දේ ආහාර වීමයි. ඒ බව සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා යන පාඨයෙන් දැක්වෙන්නේ සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වන බැවිනි.

මෙම දීමනාව නොයෙක් ආකාරයෙන් සිදුකෙරේ. විශේෂයෙන් පෞද්ගලිකව දීම හා සාංඝිකව දීම යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි. පෞද්ගලික දාන 14 ක් දැක්වෙන අතර සඟ සතු දාන 07ක් දක්ඛිණා විභංග සූත්‍රයේ සඳහන් වේ.

පෞද්ගලික දාන 14 මෙසේය.

1.බුදුරජාණන් වහන්සේට දෙන දානය

2.පසේ බුදුවරයන්ට දෙන දානය

3.රහතන් වහන්සේලාට දෙන දානය

4. රහත් මඟට පිළිපන් අයට දෙන දානය

5.අනාගාමී පුද්ගලයන්ට දෙන දානය

6.අනාගාමී මගට පිලිපන් පුද්ගලයාට දෙන දානය

7. සකෘදාගාමී පුද්ගලයාට දෙන දානය

8.සකෘදාගාමි මගට පිළිපන් පුද්ගලයාට දෙන දාමය

9.සෝවාන් පුද්ගලයාට දෙන දානය

10.සෝවාන් මගට පිළිපන් පුද්ගලයාට දෙන දානය

11. ශාසනයෙන් බැහැර නිකෙළෙස් අයෙකුට දෙන දානය

12.පෘථජ්ජන සිල්වතෙකුට දෙන දානය

13.පෘථජ්ජන දුස්සීලයෙකුට දෙන දානය

14. තිරිසන් සතෙකුට දෙන දානය යනු පුද්ගලික දාන 14 වේ.

සාංඝික දාන 07 ක් දැක්වේ ඒවා නම්

1.බුද්ධ ප්‍රමුඛ භක්ෂු භික්ෂුණී යන උභතො සංඝයා විෂයෙහි දෙන සඟ සතු දානය

2.සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දෙන දානය

3.භික්ෂු සංඝයාට පමණක් දෙන දානය

4.භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය

5. මාගේ දානයට මෙපමණ භික්ෂුහුද මෙපමණ භික්ෂුණීහුද වැඩම කෙරෙත්වායී පුද්ගල නියමයක් ගණන් නියමයක් නැතිව ආරාධනයෙන් පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය

6.මෙතෙක් භික්ෂුන් ලැබේවායී ආරාධනා කොට දෙන සඟසතු දානය.

7.මෙතෙක් භික්ෂුණින් ලැබේවායී ආරාධනා කොට දෙන සඟ සතු දානය වශයෙන් සාංඝික දාන හතක් දක්ඛිණ විභංග සූත්‍රයෙහි සඳහන්වේ. මෙකල දිය හැක්කේ අංක 03 සහ 06 යටතේ දැක්වෙන සඟසතු දානමය පිංකම් පමණක් වේ.

ධර්මය ලියවීම

අටමහා කුසලයන්ගේ පස්වන පිංකම වන්නේ ධර්මය ලියවීම වේ.

පරියත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද වශයෙන් ත්‍රිවිධ ශාසනයක් හඳුන්වා දී ඇත. මෙහි පරියත්ති ශාසනය නම් ත්‍රිපිටක බුද්ධ වචනයයි. ප්‍රතිපත්ති ශාසනය නම් බුද්ධ දේශිත ධර්මයට අනුව පිළිපැදීමයි. සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කිරීමයි එම ගුණධර්ම වඩා වර්ධනය කිරීම තුළින් ලබාගන්නා ඵලය ප්‍රතිවේධ නම්වේ.

බුදුරජාණන් වහන්සේ හතළිස් පස් වර්ෂයක් මුළුල්ලේ ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කොට වදාළ සියලුම ධර්මය මේ පරියක්ති ශාසනයට ඇතුළත් වේ. ධර්ම විනය වශයෙන් සඳහන් ඒ බුද්ධ වචනය මුල් අවස්ථාවේ වාචනා මාර්ගයෙන් හෙවත් කටපාඩමෙන් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආරක්ෂාකරගෙන ආහ.

විවිධ ආයතන සමිති සමාගම් මගින් ධර්ම ග්‍රන්ථ ලියවීම ලිවීම මුද්‍රණය කිරීම පැසසිය යුතු කටයුත්තකි. තවද විවිධ සමිති සමාගම් මගින් ද පරිත්‍යාග ශීලීන් විසින් ද ධර්ම ග්‍රන්ථ ලිවීම ධර්ම පත්‍රිකා ලිවීම මුද්‍රණය කර බෙදා හැරීම සිදුකරනු ලබන අතර ධර්මය ඉගෙන ගන්න උපකාර කිරීම උතුම් කටයුත්තකි. “සබ්බදානං ධම්ම දානං ජිනාති” යන බුදු වදනට අනුගතව ධර්මය ප්‍රචාරය කිරීම ලිවීම ඒ කටයුතු වලට අනුග්‍රහය දැක්වීම අටමහා කුසලයන්ගේ එක් පිංකමකි.

කෙත් වතු පූජාව (කුඹුරු පූජා කිරීම)

භික්ෂු ජීවිතය පවත්වාගෙන යාමට ප්‍රධාන වශයෙන් සිවුපසය වන චීවර පිණ්ඩපාත සේනාසන හා ගිලානපච්චය අවශ්‍ය වේ. මෙහි සේනාසන යන වචනයෙන් වාසස්ථාන කියවේ. වාසස්ථාන හැඳින්වීමට විවිධ වූ වචන සමූහයක් ව්‍යවහාරයේ පවතී. ආරාමය, පන්සල, විහාරය, අසපුව, ආශ්‍රමය පිරිවෙණ ඉන් කීපයකි. එමෙන්ම ආරාම ශබ්දයෙන් මල්වතු පලතුරු වතු විනෝද උයන් වෙනත් රමණීය ස්ථාන ආරාම ලෙස නම් කර ඇත.

වේළු වනයෙන් ආරම්භ වූ ආරාම නිර්මාණය භාග්‍යවතුන් වහන්සේ ධරමාන අවදියේම භාරතයේ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවිය. ජේතවනය පූර්වාරාමය වැනි ස්ථාන අංග සම්පූර්ණ ගොඩනැගිලි වලින් යුක්තව තිබී ඇත. විහාරස්ථානයකට අයත් අංග හෙවත් ගොඩනැගිලි රාශියක් බද්ධව පවතී.

වර්තමානයේ වුවද මෙය මනාව දැකිය හැකිය, විහාරය, ධර්ම ශාලාව, දාන ශාලාව, චෛත්‍ය, බෝධිය, පොහොය සීමාව, වැසිකිළි කෙසිකිළි, මලසුන් ගෙවල් ආදී විවිධ ගොඩනැගිලි සංකීර්ණයන් විහාරස්ථානයක දක්නට ඇත. මෙම ගොඩනැගිලි පරම්පරාගණනාවක් ආරක්ෂාවන ආකාරයට ශක්ති සම්පන්නව නිර්මාණය කර ඇත. අදටත් ඉන්දියාවේ හා ලංකාවේ පුරා විද්‍යා ස්ථාන තුළින් ඒ අවබෝධය ලබාගත හැකිය.

මෙවැනි ගොඩනැගිලි සංකීර්ණයක් පිරිසිදුව නිර්මලව ආරක්ෂා කිරීම විහාරස්ථානයක දායක පිරිසට තනිවම කළ නොහැකිය. විහාරස්ථානයක් තුළ ඇති ගොඩනැගිලි ආරක්ෂා කිරීමත් එමෙන් විහාරස්ථාන යන්හි සිදුකරණ පෙරහැර උත්සව ආදී විවිධ කටයුතු රාශියක් වාර්ෂිකව සිදු කරනු ලබයි. ඒවාට විශාල ධනයක් අවශ්‍ය වේ. විශාල පිරිසක් අවශ්‍ය වේ.

අතීතයේ විහාරස්ථානවල දහස් ගණන් භික්ෂුහු වාසය කළහ. එහෙයින් ඒ භික්ෂූන්ට අවශ්‍ය සිව්පසය ලබා දීමටත් ස්ථාන නඩත්තුවටත් එහි සේවය කරණ ජනතාවට බත් වැටුප් දීමටත් විශාල මුදලක් ධනයක් අවශ්‍ය විය. මේ තත්වය විහාරස්ථානයේ දායක පිරිසට දැරීමට නොහැකි අවස්ථා ඇති වේ. එබඳු අවස්ථාවන්ට මුහුණ දීමටත් ශාසනයේ අනාගත චිරස්ථිතිය සඳහාත් එදා හෙළ රජදරුවන් විහාරස්ථාන වලට ගොඩ මඩ ඉඩම් කුඹුරු ආදී දේ පූජා කළේ ශාසනික කටයුතු කරගෙන යාමට උපකාර කිරීමක් වශයෙන් සළකාගෙනය.

පිළිම කරවීම

බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රතිමා නිර්මාණය කිරීමත් මුල් අවදියේ නොවීය. ඒ වෙනුවට ආසනය, පද්මය, ධර්ම චක්‍රය, නෙළුම්මල, ආදී සංකේත භාවිතා කළ බව සඳහන් වේ. සාංචි හා භාරුත් ස්ථුපවල බුද්ධ රූපය දැක්විය යුතු ස්ථානවල ඇත්තේ වෙනත් සංකේත වීම එයට නිදසුන්වේ.

නමුත් කොසොල් මහ රජතුමා විසින් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි අවදියේම සඳුන් ලීයෙන් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරවූ බව කොසල බිම්ඹ වර්ණනාවේ සඳහන් වේ. මෙය පසුකාලීන නිර්මාණ වලටත් ගුරු වූ බව සඳහන් වේ. ඒ බව පාහියන් දේශාටන භික්ෂූන් වහන්සේගේ ගමන් විස්තරයෙහි දැක්වේ. රනින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළබව කුස ජාතකයේ සඳහන්වේ. මෙසේ ඒ පිළිබඳ යම් යම් තොරතුරු සඳහන් වේ.

කෙසේවෙතත් මහින්දා ගමනයෙන් පසු දෙවනපෑතිස් රජතුමා බුදුපිළිමයක් නිර්මාණය කළබව මහා වංශයේ සඳහන් වේ. මේ කාලයේ සිට මූර්ති කලා චිත්‍ර නාට්‍ය ආදී සෑම අංශයකම පිබිදීමක් සිදුවී ඇති බව ඉතිහාස ගත තොරතුරු අනුව පැහැදිළි වේ. අනුරාධපුර යුගයේ සිට විවිධ රජවරු පිළිම නෙළීම සිදුකළබව ඉතිහාස ග්‍රන්ථයන්ගෙන් පැහැදිළිවේ.

අනුරපුර ථූපාරාමයෙහි රනින් කළ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කළ බවත් දුටුගැමුණු රජ රුවන්වැලි මහා සෑයේ බුද්ධ පර්යන්තයෙන් යුත් රන්පිළිමයක් ගර්භයේ තැන්පත් කළ බවත් සඳහන් වේ.

වැසිකිළි කරවීම

අටමහා කුසල් අතර අටවන මහා කුසලය වශයෙන් සඳහන් වෙන්නේ වැසිකිළි සාදවා මහ සඟනට සඟසතු කොට පූජා කිරීම හෝ පොදු ජනතාවගේ ප්‍රයෝජනයට අවස්ථාව උදාකිරීම මෙම පිංකමට දායක විය හැකිය.

ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ වැසිකිළි භාවිතා කිරීම අවශ්‍යම කාරණයකි. එවිට බාහිර පරිසරය දූෂණය නොවේ. ලෙඩරෝග බෝවීම වැළකේ. නීරෝගී ජන සමාජයක් බිහි කිරීමට මෙම කරුණුද විශේෂ හේතුවකි. බුද්ධ දේශනයේදී විශේෂ අවධානය යොමුවූ කාරණයකි වත් පිළිවෙත් අනුගමනය කිරීම. ඒ වෙනුවෙන් චුල්ලවග්ග හා මහා වග්ග පාලි යේ වත්තකඛන්ධකය යනුවෙන් වෙනම කොටසක් වෙන්කර ඇත. ඒ වත් අතර වැසිකිළිවත කෙසිකිළිවත එකකි.

එම වැසිකිළි කෙසිකිළි භාවිතා කරණ ආකාරය ද දහමේ වත් මගින් පැහැදිළිකර ඇත. විනය ග්‍රන්ථයේ මනා විවරණයක් ඒ සඳහා වේ. නිතරම වැඩිමහළු පිළිවෙළට හෙවත් වෘද්ධ පටිපාටිය අනුගමනය කරන සංඝ සමාජය මෙම වැසිකිළි වතෙහිදි ආගත පටිපාටිය හෙවත් වැසිකිළියට යන්න ආපිළිවෙළට යාමට අවස්ථාව විනයෙන් හිමිකර දී ඇත. එය පාවිච්චි කිරීමෙන් පසු සෝදා පිරිසිදු කරණ ආකාරය පවා මෙහි දක්වා ඇත. එවැනි ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාම එය භාවිතා කරණ සැමගේ පොදු වගකීමකි.

‘විශ්ව ශක්තිය ‘ බුදු දහමට එකඟ ද?

අපගේ ඕලාරික ශරීරය රූප කලාප අප්‍රමාණ සංඛ්‍යාවකින් හටගත් එකකි. රූප කලාපයක් පරම අර්ථය නොගනී. මක්නිසාද යත් එය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර ශක්තීන් ගේ සමවායෙන් හටගත් බැවිනි. සිත පවතින්නේ මේ කය තුළය. එනම් සතර ශක්ති සමවායයක් තුළ ය. මේ අනුව සමස්ත ශරීරයම ශක්ති සමුච්චිතයකි. ලෝක ධාතුවේ සියලු ශක්තීන් එහි ඇත. බුදුරජාණන් වහන්සේ මුළු ලෝක ධාතුවම මේ බඹයක් පමණ වූ ශරීරය තුළ පැනවූ සේක. මම ය, මාගේ ය යන ආත්ම දෘෂ්ටියෙන් ගත හැකි කිසිවක් මෙහි නැති බව හා පරමාර්ථ වශයෙන් ගත් කලන සත්ත්ව පුද්ගල ප්‍රඥප්තිය නිවැරැදි නොවන බව වැටහෙන්නේ, මේ සත්‍ය දර්ශනය මතය. ධාතු මනසිකාරය වැඩීමේදී සක්කාය දිට්ඨිය තුනී වී යන්නේ මේ නිසාය. මේ ශරීරය සමග නිරන්තරයෙන් ස්පර්ෂ වෙමින් පවතින්නේ පරිබාහිර වාතය යි. වාතය යනු ද පෙර කී සතර මහා ශක්ති ධාතූ®න්ගේ සමවායෙන් සෑදුණු, එහෙත් වායෝධාතුව අධික වූ එකකි. ශරීරය ද පඨවි ධාතුව අධික වූ ශක්ති සමවායකි. ප්‍රධාන වෙනස, එය යි. ජලයේ පාවෙන අයිස් කැටයේ උපමාව මෙතැනට ගලපා බැලිය හැකි ය. අවසාන වශයෙන් ගත කල බැහැරින් ද ඇතුළතින් ද ඇත්තේ ශක්ති සමවායක්ම බව පැහැදිලි ය. ඒ අනුව නාම රූප ධර්මයෝ පරමාර්ථ වශයෙන් ශක්ති සමවායෝම වෙත්. සියලු ශක්ති, ස්වභාවයෙන්ම ස්ථිතික නොවේ. එමෙන් ම කාලයෙන් නිරපේක්‍ෂය, යම් වස්තුවක් ආලෝකයේ වේගයෙන් (තත්පරයට 298000km පමණ) අවකාශයේ ගමන් කරන්නේ නම් එහි ස්කන්ධය විශ්වය පුරා ආවරණය වන බවට ඇල්බට් අයින්ස්ටීන් ගණිත සමීකරණයක්ද (E =mc2) ඉදිරිපත් කළේය. එම වස්තුව ශක්තියක් බවට පරිනාමනය වන ආකාරය ඔහු පැහැදිලි කළේ ය. අරමුණු දැනීමේ ශක්තිය ලෙස දැක්වෙන සිත, බාහිර ශක්ති ලෝකය සමග නිරන්තර සම්බන්ධතාවයෙන් පවතින බව මේ අනුව පැහැදිලිය. සිත පමණක් නොව අවිඤ්ඤාණක ගස්වැල් පවා එකී සම්බන්ධතාවය ශක්ති ස්වරූපයෙන් ගනියි. සියලු සත්ත්වයෝ ගස්වැල් සමග පමණක් නොව සියලු භෞතික වස්තු සමග ශක්ති සම්බන්ධතා පවත්වති. සිතෙහි අන්ත ස්වරූප දෙකක්ද ශූන්‍ය ස්වරූපයක්ද පවතී. අන්ත ස්වරූප දෙකෙන් එකක් වන්නේ සමස්ත විශ්වයට ප්‍රසාරණය වීමේ හැකියාවයි. අනෙක අල්පෙනෙත්ති තුඩක් පමණට සියුම් කිරීමේ හැකියාවයි. එනම් ධ්‍යානගත ස්වභාවය යි. එම අවස්ථාවේදී නොපෙනී යෑම, පොළොව කිමිද යෑම වැනි ප්‍රාතිහාර්ය මට්ටම්වලට එමගින් එය පවතින ඕලාරික ශරීරය පත් කළ හැකි වෙයි. මේ අනුව චිත්ත ශක්තිය රූප ධාතු ශක්තියටය වඩා ප්‍රබල ය. එක් අයෙකු විසින් තවත් අයෙක් අරමුණු කරගෙන මෛත්‍රිය වඩනවා යැයි සිතමු. මෙත්තාව යනු අද්වේශය යන චෛතසිකයයි. එය සිත සමග උපන් කල්හි මෙත් සිත වෙයි. එය ශක්තියක් බැවින් බාහිර ශක්ති අවකාශය හරහා, අරමුණූ කරගත් පුද්ගලයාගේ ශක්ති කාය සමග සම්බන්ධ වෙයි. නවීන විද්‍යාවේ හඳුන්වනු ලබන විකිරණය (Radiation) නම් ශක්ති සම්පේ‍්‍රෂණ ක්‍රියාවලියට මෙය සමාන බව පෙනේ. මේ ආකාරයට ද්වේශයද එක් අයෙකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය විය යුතු ය. වස් කවි, සෙත් කවි, ශාප කිරීම් , පින් අනුමෝදනා, පිරත් සජ්ඣායනා ආදිය මෙකී විවිධාකාර ශක්ති සම්පේ‍්‍රෂණ ක්‍රියාවලයෝ වෙත්. සිතෙහි ශූ®න්‍ය ස්වරූපය ඇති වන්නේ, අනුපාදිශේෂ පරිනිර්වාණයේ දී ය. මේ අනුව කවර දෙයක වුව ද මූල ස්වරූපය, ශක්තියම ය. ස්ථිතික නොවන ශක්තිවල සම්පේ‍්‍රෂණ ස්වභාවය තේරුම් ගැනීමට නම් ඒවායේ මුල ස්වරූපය විමසිය යුතුය. චිත්ත ශක්තිය සහිත සත්ත්ව ශරීරවලින් මෙම සම්පේ‍්‍රෂණය මහත්ව සිදුවේ. චිත්ත ශක්තිය උච්චතර වූ මිනිසා ඉන් ප්‍රධාන තැනක් ගනී. මිනිසුන් අතර ද බාහිර ලෝකය වෙතට ශක්ති සම්පේ‍්‍රෂණය කිරීමේ හැකියාව බලවත් වූ අය වෙසෙත්. එමගින් ඔවුනට අන් අයගේ ශරීරවල ධාතු කොටස් විපරිණාමයන්ට ලක් කළ හැකි ය. නූතන විද්‍යාත්මක මෙවලමක් වන කිර්ලියන් කැමරාව මගින් මෙකී ශක්ති සම්පේ‍්‍රෂණ ක්‍රියාවලිය තහවුරු කරගෙන ඇත. මෙ නයින්, අද අප ව්‍යවහාර කරන විශ්ව ශක්තිය බුදුරජාණන් වහන්සේ මනා කොට පෙන්වා දෙන පරමාර්ථ න්‍යාය දර්ශනය මගින් පැහැදිලි කරගත හැකි දෙයකි. ඇලෝපති වෛද්‍ය විශේෂඥයා ද භෞතික විද්‍යාඥයාද තර්ක වාදියා ද තම තමන් ප්‍රගුණ කර ඇති ප්‍රඥප්ති විතර්කයන්ට අනුව මෙකී විශ්ව ශක්තිය පිළිබඳ විනිශ්චයන් කොතෙක් ඉදිරිපත් කළත් ඒවා ඒකාන්ත පරිසමාප්ත විනිශ්චයන් විය නොහැකිය. එවැනි ආකාර පරිවිතක්ක දෘෂ්ටි මගින් සතය්‍ය මතු කර ගැනීම, කළ නොහැකි ය.

ආතතියට බුදු දහමින් ඔසුවක්….

    ආතතිය එනම් මානසික අසහනය අද දවසේ ලෝකයේ සෑම තැනකම විශේෂිත මාතෘකාවකි. බටහිර රටවල නම් මෙම වචනය දවසට බොහෝ වාරයක් කියවෙන අතර ඒ අසහනය නැති කර ගන්නා මාර්ග කියා දෙන විධික්‍රම වලට අය කරන්නේ ද ඉතා විශාල මිලක් ය. ආයතන සහ කර්මාන්ත ශාලාවල දිනපතා ආතතිය නිසා සිදුවන අනතුරුවල ප්‍රමාණය ද දිනෙන් දින ම වැඩි වෙමින් පවතී. කායිකව එම ස්ථානයේ සිටිය ද මානසිකව එම කටයුත්තෙහි නොයෙදීම නිසා විවිධ ආකාරයේ අනතුරු ද සිදු වේ. එම නිසා ආතතිය නැති කරගන්නා මාර්ග හඳුන්වා දෙමින් විවිධ ආයතන විශාල ආදායම් ලබයි. නමුත් බෞද්ධ ආතති කළමනාකරණ විධි ගැන තාම අප රටෙහි වත් ප්‍රසිද්ධියක් නැත. නමුත් ලෝකයෙහි ඇති හොඳම ආතති කළමනාකරණ විධි ක්‍රමයන් බුදුන් වහන්සේ විසින් දේශිතය. ඒවා වෙනත් නම්වලින් යොදාගනිමින් විවිධ පුද්ගලයින් විශේෂයෙන්ම බටහිර රටවල උගත්තු විශාල වශයෙන් මුදල් උපයා ගනිති. මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් නැති වුව ද ප්‍රශ්නය ඇත්තේ බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මයට එම ස්ථානය ලබා නො දීම ය. ත්‍රිපිටකයෙහි ඇති ‘සබ්බාසව සූත්‍රය’ ආතති කළමනාකරණය සම්බන්ධයෙන් ඇති ප්‍රධානම විධික්‍රමයන් හතකින් අනූන ය.

ආතතිය යනු කුමක්ද?

ආතතිය නැති කර ගැනීමේ මාර්ග විස්තර කිරීමට ප්‍රථම ආතතිය යනු කුමක්දැයි විමසා බලමු.

Stress යන වචනය ලතින් වචනයක් වන (hardship) වලින් බිඳී ආවකි. එහි අදහස පීඩාව, (adversity) අහේතුව , විපත, ආපදාව, (affiction) සංතාපය, විපත, (චටටඪජබඪධද) යනාදියයි. ඉංගී‍්‍රසියෙන් එය Stresse ලෙසද, පැරණි ප්‍රංශ භාෂාවේ estresse ලෙසද, යෙදී ඇත. මෙම වචනය භෞතික විද්‍යාවේ ද වෛද්‍ය විද්‍යාවල ද, මනෝවිද්‍යාවේ ද චර්යාව හා සම්බන්ධ විද්‍යාවල ද යෙදී ඇත.

ආතතිය පිළිබඳ බෞද්ධ පොතපතෙහි යොදා ඇත්තේ ‘ආසව’ යන වචනය යි. බෞද්ධ මනෝවිද්‍යාවේ ඒ හා සම්බන්ධ සියලුම වචන සඳහන් කරන්නේ කෙලෙස් ලෙස ය. ලෝභ,දෝස,මෝහ ආදි කොට ඇති කෙලෙස් නිසා ඇතිවන ආසව නිසා බෞද්ධ විමුක්ති මාර්ගය ප්‍රමාද වන බව ද දක්වා ඇත. සංස්කෘත භාෂාවෙන් එය ‘ආශ්‍රව’ යන වචනයෙන්ද පාලි භාෂාවේදී එයට ආසව වශයෙන් යොදා ගෙන ඇත.මෙම වචනයෙහි අදහස නම් වැගිරෙන සුළු බව පැතිරෙන සුළු බව හා සුරාවෙන් පල්වෙන බව හා මත්කරවන සුළුබව යන අර්ථයන්ය. මිනිසා කාම, භව, දෘෂ්ඨි හා අවිද්‍යාව නමැති අන්ධකාරයෙහි ඇලී ගැලී සටිනතාක් කල් ඔහුට තම කෙලෙස් දක්නට හෝ දැනීමට ඉඩ නොලැබේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥ රොබට් එච්.තෞලස් ආතතිය පිළිබඳ ප්‍රකාශ කර ඇති මේ අදහසද මෙහිදී වැදගත්ය. මිනිස් සිත අරක්ගෙන ඇති විශාදය (Depression) ව්‍යවර්තනය (aversion) අවවර්තනය (Perversion) ආදී මනෝවිද්‍යාත්මක සංකල්ප රැසක් ආසව පිළිබඳ බෞද්ධ සංකල්පය තුළ ගැබ්ව ඇති බව පවසනා ඔහු ආසව යන්න සඳහා සුදුසුම ඉංගී‍්‍රසි වචනයක් නූතන මනෝවිද්‍යාවෙන් සොයාගැනීම දුෂ්කර නොවන බව පවසා ඒ සඳහා ඉතාම සුදුසු වචනය (Mental Stress) ආතතිය යැයිද පවසයි. ආසව පිළිබඳ කෙලෙස් ධර්ම සහ ඒවා නැතිකර ගත හැකි ක්‍රම පිළිබඳ සූත්‍ර දේශනා රාශියක් ත්‍රිපිටකය තුළින් අපගේ අධ්‍යයනයට යොදාගත හැකිය. සබ්බාසව සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය, විතක්ක සන්ඨාන සූත්‍රය, අනුමාන සූත්‍රය, රථවිනීත සූත්‍රය, භය භේරව සූත්‍රය ආදී සූත්‍ර ධර්ම මේ සම්බන්ධයෙන් ඉතා වැදගත්ය. සබ්බාසව සූත්‍රයේදී ආසව සඳහා විඝාත පරිලාහ යන විශේෂණය යොදා ඇත. ඉන් අදහස් වන්නේ හාත්පසින්ම දැවීමක් ලෙස ය. මනෝවිද්‍යාවේ විස්තර කෙරෙන විවිධ මානසික ගති ලක්‍ෂණ මෙම ආසව තුළ ඇතුලත් වේ. පුද්ගලයකු මානසික වශයෙන් රෝගී තත්ත්වයට (නියුරෝසික තත්වයට) පත්වූ විට ඔහු කෙරෙහි දැකිය හැකි යැයි මනෝවිද්‍යාවේ සැලකෙන සැකය හා අවිනිශ්චිත භාවය, විඝඨනය, සාංකාව මනෝග්‍රස්තිය, ආභ්‍යන්තරික කලකිරීම, ආදි අයහපත් ගති ලක්‍ෂණ මෙම ආසව තුළ දැක්ක හැකිය. මෙම සූත්‍රයේදී අපගාමී මානසික ගති ලක්ෂණ 14 ක් ද සඳහන් කර ඇත.

මෝහකය, අහිරිකය,අනොත්තප්පය, උද්ධච්චය, ලෝභය, දෘෂ්ටිය, මානය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, මාත්සර්යය, කුක්කුච්චය, ථීනය, මිද්ධය, විචිකිච්චාව යනුවෙනි. සබ්බාසව සූත්‍රයේදී ආසව නැති කරගන්නා ක්‍රම හතක් දක්වා ඇත. මේ එකින් එක ගෙන විග්‍රහ කර බලමු.

1. දස්සනා පහාතබ්බා (by seeing)
අවබෝධයෙන් යුතුව දැකීමෙන් දුරු කර ගැනීම
සම්මා දිට්ඨිය එනම් යහපත් දැකීම තුළින් පුද්ගලයා තුළ තිබෙන්නා වූ කායික මානසික දුක් පීඩා දුරු කර ගත හැකි ය. නියම දැක්මක් නැති විට විවිධ අසහනයන් මතු වේ. අසත්‍ය තොරතුරු සත්‍ය වශයෙන් පිළිගත් විටත් සත්‍ය තොරතුරු අසත්‍ය වශයෙන් පිළිගත් විටත් යම් වැරදි තීරණයක දැඩි ලෙස එල්බ සිටින විට විවිධ අයුරින් මානසික අසහනයන්ට ලක්වේ. මනා අවබෝධයක් දෙදෙනා තුළ නොමැතිකම නිසා පවුලේ ප්‍රශ්නවලට හේතුවේ. බටහිර ආතති කළමනාකරණයේදී (Visual imagery) දැකීම පිළිබඳ චින්තාවලිය යනුවෙන් හඳුන්වන්නේ මෙම දැකීමය.

2. සංවරා පහාතබ්බා (By restraning)
ඉන්ද්‍රියන් සංවර කර ගැනීමෙන් ගැටලු විසඳීම

පංච ඉන්ද්‍රියන් පාලනය කර ගැනීමෙන් කෙළෙස් පහකර ගැනීම මෙහිදී සිදු කෙරේ. සීමාව ඉක්මවා ඉන්ද්‍රියන් පිනවීමට යාම නිසා විවිධ ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවේ. විශේෂයෙන් අද සමාජයේ ඇති බොහෝ මිනීමරුම්, වාහන, අනතුරු සහ අඩදබර වලට ද මූලිකම හේතුව ඉන්ද්‍රිය සංවරය නොමැතිවීම යි.

3. පටිසේවනා පහාතබ්බා (By oing)
පරිභෝග කිරීමෙන් ගැටලු විසදීම

වස්ත්‍ර ආහාර සහ බෙහෙත් තමාට අවශ්‍ය ප්‍රමාණයට පරිහරණය කිරීමෙන් කෙළෙස් පහකර හැරීම මෙහිදී අදහස් කෙරේ. අධික පරිභෝජනය නිසා ගැටලු වලට මුහුණදීම විශේෂයෙන්ම පරිසරය ද අධිකව පරිභෝජනය කිරීම නිසා විවිධ පාරිසරික ගැටලු මතුවේ.

4. අධිවසනා පහාතබ්බා (By Enduring)
ඉවසීමෙන් ගැටලු විසඳීම

දුක් කරදර ඉවසීමට නොහැකි වීම නිසා විවිධ ගැටලු පැන නඟී මය සබ්බාසව සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත. නුවණින් සලකා බලා ශීතල ඉවසන්නේ වෙයි. උෂ්ණය බඩගින්න හා පිපාසය මැසි මදුරු සුලං අව්ව සර්ප ආදි ස්පර්ශ ඉවසන්නේ වෙයි. නපුරු ලෙස පැමිණි වචන ඉවසන්නේ වෙයි. දිවි පැහැර ගැනීමට තරම් වූ ශරීර වේදනාවෙන් ඉවසන්නේ වෙයි. “මහණෙනි මේ කෙළෙස් ඉවසීමෙන් නැති කළ යුත්තාහු යැයි කියනු ලබත්.” අද සමාජයෙහි ඇති බොහෝ ප්‍රශ්න වලට හේතුව විවිධ ලෙස තරහගෙන කටයුතු කිරීම සහ ඉවසීමක් නැතිකමය.

5. පරිවජ්ජනා පහාතබ්බා (By Avoiding) 
මඟහැරීමෙන් ගැටලු විසදීම

කෙළෙස් වලට මූලික වන කරුණු වලින් මඟ හැර දමා යාම මඟින් කෙළෙස් පහකර පාලනය කර ගැනීමට නොසැලිකිලිමත්කම හා අයහපත් සාමජ ආශ්‍රය නිසා විවිධ ගැටලු වලට මුහුණදීමට සිදුවේ. අයුතු තැන් හා පවිටු මිතුරන් නුවණින් සලකා බලා දුරු කළ යුතුය. වසල,පරාභව, මංගල සහ සිඟාලෝවාද සූත්‍රවලදී මේ කරුණු ගෙනහැර දක්වා ඇත. එමනිසා පාපී ක්‍රියාවලට කවුරුන් හෝ කතාකල ද එවැනි දෙයක් සිදුවන තැනක් දුටුවිට ද එවැනි දේ මඟහැර ගොස් කායික මානසික දුක් ප්‍රහාණය කළ හැකි ය.

6. විනෝදනා පහාතබ්බා (By Removing)
ඉවත් කිරීමෙන් ගැටලු විසදීම

අපට කෙළෙස් ඇතිවන කරුණු මුලිනුපුටා දැමීමෙන් කෙළෙස් පහකර හැරීම, අප සිත්තුළ එසේ ඇතිවන තරහව වෛරය කෝපය වැනි තත්ත්වයන් දුරු කර ගැනීමට නොහැකි නිසා විවිධ ගැටලු වලට මුහුණදීමට සිදුවේ. අපට එදිනෙදා ජීවිතයෙහි ඇතිවන කෝපය වැනි අවස්ථාවලදී නුවණින් සලකා බලා ඒවා අප තුළින් ඉවත්කර ගැනීමෙන් විවිධ ප්‍රශ්න විසදා ගත හැකි ය. අප තුළ පවතින විෂම අදහස් ඒ ඒවා ඉපදීමට බලපාන කරුණු ගැන මෙනෙහි කර සිහි නුවණින් ඉවත්කරගෙන කටයුතු කිරීමෙන් නියම තෘප්තියක් ලැබිය හැකිය.

7. භාවනා පහාතබ්බා (By Developing)
භාවනා කිරීමෙන් ගැටලු විසදීම

නියමාකාරයෙන් සිහිය පිහිටුවා ගෙන සතර සතිපට්ඨානය වැඩීමෙන් සිත දියුණු කරගෙන එමඟින් කෙළෙස් පහකර දැමීම මෙහිදී සිදුවේ. භාවනා නොකරන්නවුන්ට වෙහෙස දැවිල්ල සහිත කෙළෙස් ඉපදුනද භාවනා කරන්නහුට ඒ වෙහෙස දැවිල්ල සහිත කෙළෙස් පහළ නොවෙත්. භාවනාව මඟින් කෙළෙස් දුරුකළ හැකි අතර එදිනෙදා ජීවිතයෙහි සිහියෙන් කටයුතු කිරීම නිසා බොහෝ දුක් ගැහැටවලින් මිදිය හැකිය. ඔබ ගමන් කරණ විට සිටගෙන සිටින විට හිඳගෙන සිටින විට අසනවිට මේ සෑම අවස්ථාවකම සිහියෙන් සිටීම භාවනාව යි. මෙම සිහියෙන් යුක්තව කටයුතු කිරීම ප්‍රගුණ කළ යුතු ය. අවසිහියෙන් වාහනයක් පදවනවිට විවිධ අනතුරුවලට මුහුණ දෙයි. සරළ කාරණාවක් වන කෑම පිසිනවිට සිත එක් අරමුණක නැතිනම් යම් දෙයකට ලුණු අඩු හෝ වැඩිවිය හැකි අතර එයද විශාල පවුල් ප්‍රශ්නයකට මුලක් විය හැකිය.

සබ්බාසව සුත්‍රයෙහි ආසව නැතිකර ගැනීමට ලබාදී ඇති ක්‍රමෝපායන් අද කාලීන බටහිර මනෝවිද්‍යාවෙහි ආතති කළමනාකරණය සඳහා යොදාගනී. විශේෂයෙන් සතිපට්ඨාන භාවනා ක්‍රමය මෛත්‍රි භාවනා ක්‍රමය ප්‍රායෝගික ප්‍රශ්න විසදීමෙහිලා මුල් තැනක් ගනී. වර්තමාන, ලෝකයෙහි නිබඳ සාකච්ඡාවට බඳුන් වන ආතතිය නැති කරගැනීමට ‘සබ්බාසව සූත්‍රයෙහි’ සඳහන් වන මෙම විධික්‍රමයන් 7 සර්වකාලීන අගයක් ඇති බව දැක්විය හැකි ය.

කොසොල් රජු දුටු සිහින

1 වන සිහිනය

කොසොල් රජු –

“කළුපාට වෘෂභයෝ සතර දෙනෙකු යුධ කරන්නේ යැයි සතර දිශාවෙන් රාජාංගනයට පිවිසෙයි. උන් එනවිට නරඹන්නෝ මහා උද්යෝගයකින් ජය ඝෝෂා පවත්වමින් වට වී බලා සිටී. වෘෂභයෝ සතර දෙනා යුධ කරන අයුරක් දක්වා නාද කොට ගර්ජනා කොට යුධ නොකර ඉවත්ව ගියහ. ඔල්වරසන් දුන් නරඹන්නෝ වෘෂභ යුද්ධය බලන්නට බැරිව හොදටම දුක්වුණා”

බුදුන් වහන්සේ –
අනාගතයේ අධාර්මික පාලනය නිසා රටේ දේශගුණයත් කාලගුණයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කළට සිදුවන සිදුවීමක් පිලිබදව මෙයින් කියවේ. අනාගතයේ මිනිසුන් අදැහිමි වී මුදලට මුල් තැනක් දෙයි. වනාන්තර කපා පරිසරය ද විනාශ කරයි. මේ හේතුව නිසා නිසි කලට වැසි නොලැබේ. මහා ශබ්දයෙන් අහස ගෙරෙව්වත් වැස්ස නොලැබෙයි.

2 වන සිහිනය
කොසොල් රජු –
“රජමාලිගාවේ මිදුලේ වියතක් දෙකක් පමණ උස පුංචි ගස්වල මල් පීදිලා. ලොකු ලොකු ගෙඩි හටගෙන”

බුදුන් වහන්සේ –
අනාගතයේ පංච දුශ්චරිතයේ නිරත වෙමින් මිනිසුන් කටයුතු කරයි. පුංචි දරුවන් වැඩිහිටියන් සේ වැඩ කටයුතු කරයි. කුඩා වයසේදීම ගැහැනුන් රාගයෙන් පිනා ගොස් ආවාහ විවාහ වෙති.

3 වන සිහිනය
කොසොල් රජු –
“එදින ඉපදුණු වහුපැටියාගෙන් මව් එළදෙන කිරි බොනවා දුටුවා”

බුදුන් වහන්සේ –
අනාගතයේ පහළ වන දූ දරුවෝ මව් පියන්ට අකීකරු වෙති. ලැජ්ජා බිය නොමැතිව කටයුතු කරයි. වැඩිහිටියන්ට ගරු නොකරන නොසලකන සමාජයක් අනාගතයේ බිහිවෙයි. ඒ වාගේම දෙමාපියන්ට තම දරුවන් ළග දාසයන් මෙන් සේවය කොට ඔවුන්ගෙන් යැපෙන්නට සිදුවෙනවා. තමන්ට එහෙම උදව් කරන්නේ නැත්නම් දරුවන් තම දෙමාපියන්ට සලකන්නේ වත් නැහැ.

4 වන සිහිනය
කොසොල් රජු –
“මහ ගැල්වල පළපුරුදු නැති ළපටි ගොනුන් බැද තිබුණා. එම ළපටි ගොනුන්ට ගැල් ඇද ගන්න බැරිව ගැල් ටික ඔක්කොම නතර වෙලා තිබුණා”

බුදුන් වහන්සේ –
අනාගතයේ දැන උගත්කම් නැති මැති ඇමති වරු පාලන තන්ත්‍රයට පත්වෙයි. දස්කම් ඇති බුද්ධිමත් අයට තැන නොලැබෙයි. දැන උගත්කම් නැති නූගත් අය පාලන තන්ත්‍රයට එක්වීම නිසා රටේ පාලන තන්ත්‍රය අවුල් වෙයි.

5 වන සිහිනය
කොසොල් රජු –
“පසු පසින් දිග බෙල්ලක් ඇති, ඔළු දෙකක් ඇති අශ්වයෙකු දුටුවෙමි. එම අශ්වයා දෙපසින්ම ආහාර අනුභව කරයි”

බුදුන් වහන්සේ –
අනාගතයේ ලෝකය පාපයටම බරවෙයි. අනාගතයේ මිනිසුන් ලැජ්ජා බියකින් තොරව අල්ලස් හා දූෂණයට පෙළබෙති. මෙය පාලන තන්ත්‍රය තුලද ඉහල සිට පහලටද, පහල සිට ඉහලටද සිදුවෙයි.

6 වන සිහිනය
කොසොල් රජු –
“මහලු ජරාපත් හිවලෙකු ඉතා වටිනා රන් තලියකට මූත්‍රා කරයි. මිනිසුන් ඒ දෙස කිසිවක් නොකර බලා සිටියි”

බුදුන් වහන්සේ –
සම්භාවනීය වශයෙන් සැලකෙන මිනිසුන් අනාගතයේ දී සම්පත් වලින් පිරිහී යනවා. මෙසේ පරම්පරාවෙන් උරුම වූ වස්තුව අහිමි මිනිසුන් තමන්ගේ දූ දරුවන් සුරා සූදුවට ලොල් වූ අයතා ලෙස ධනවත් වූවන්ට සරණ පාවා දෙනවා.

7 වන සිහිනය
කොසොල් රජු –
“දුප්පත් මිනිසෙකු අසුනකට වී සම් පටක වලින් ලණුවක් අඹරමින් එම ලණුව පහත හෙලයි. එම අසුන යට සිටින හිවල් ධේනුවක් ඒ මිනිසා විසින් අඹරන ලණුව කා දමයි. නමුත් ඒ මිනිසා ඒ බව නොදනි”

බුදුන් වහන්සේ –
අනාගතයේ මිනිසුන් අතර කාම මිථ්‍යාචාරය බහුල ‍වෙනවා. අනාගතයේ ස්ත්‍රීන් තම සැමියා දහඩිය මහන්සියෙන් උපයන ධනය සොර සැමියන්ට දෙනවා. එම ස්ත්‍රීන් සාර ධර්ම හා සදාචාරය නොතකා තම සිරුර පිනවීමට ම පමනක් සිතයි. තවද බොහෝ කාන්තාවෝ තම සැමියා උපයන ධනය අර පිරිමැස්මෙන් තොරව විනාශ කරයි.

8 වන සිහිනය
කොසොල් රජු –
“මාළිගාවේ මිදුල පුරා කළ ගෙඩි අතුරා තිබුණා. සතර දිගින් එන ස්ත්‍රී, පුරුෂයන් පිරී ඉතිරී පිටාර ගලමින් තිබෙන එකම කළයකට වතුර පුරවනවා. හිස් කළ එසේම තිබෙනවා”

බුදුන් වහන්සේ –
අනාගතයේ පාලකයන් රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් ‍නොකිරීම නිසා ජනතාව අතිශයින් දිළින්දන් බවට පත්වෙයි. එවිට රජය ජනතාව වෙත තව තවත් බදු බර පටවනවා. ධනවතුන් තව තවත් ධනවත් ‍වෙනවා. දුප්පතුන් තව තවත් පීඩනයට පත්කෙරෙනවා.

9 වන සිහිනය
කොසොල් රජු –
“පස් පියුමෙන් පිරි පොකුණක වටේ හිද වන සතුන් ජලය පානය කරති. ස්නානය කරති. එහෙත් පොකුණ මැද ජලය පමණක් අපිරිසිදු වෙයි”

බුදුන් වහන්සේ –
අනාගත රාජ්‍ය පාලකයෝ අධර්මිෂ්ට වීම නිසා බදු බරින් ජනතාව පීඩාවට පත්කරති.

10 වන සිහිනය
කොසොල් රජු –
“ලිපක් මත මහ බත් සැළියක් දුටුවා. ඒ සැළියේ පැත්තක නො පිසුන සහල් ද, තවත් පැත්තක බෙරි වූ බත් ද, තවත් කොටසක නිසි සේ ඉදුණු සහල් ද තිබෙන අයුරු මම දුටුවා”

බුදුන් වහන්සේ –
අනාගත පාලකයින් අධාර්මික වීම නිසා රට තුල නිසි කලට වැසි නොලැබේ. වැස්ස ලැබුනත් එම වැස්ස වහින්නේ සෘතුවලට අනුව නො වෙයි. කඩින් කඩ තැනින් තැන වහිනවා. තවත් පැත්තක හොදටම පායනවා. තවත් පැත්තක වහ වැසි ඇද හැලෙනවා. එහෙම වුණහම ඔවුන්ගේ අස්වැන්න සමහර තැනක බොල් වෙනවා. සමහර තැනක නියගයට හසුවෙනවා. සමහර පෙදෙසක හොද අස්වැන්නක් ලැබෙනවා.

11 වන සිහිනය
කොසොල් රජු –
“ඉතා වටිනා අනර්ඝ සදුන් අරටුවක් නරක් වූ මෝරු සැළියකට අලෙවි කරනවා දුටුවා”

බුදුන් වහන්සේ –
අනාගතයේ පුද පූජා සත්කාර වලට ගිජු වූ භික්ෂූන් නිසා ශ්‍රමණ ප්‍රති රූපකයක් බහුල වී ශාසනය පිරිහෙයි. අනාගතයේ මගේ බුද්ධ සාසනයේ බොහෝ භික්ෂූන් ලාභ සත්කාර අපේක්ෂාවෙන් ධර්මය දේශනා කරනවා. පස්කම් සැප ලබාගැනීම සදහා සිවුරු දරනවා. ශාසනයේ වටිනා කොටස් නොවටිනා අයුරින් අලෙවි වෙනවා.

12 වන සිහිනය
කොසොල් රජු –
“ඉතා සැහැල්ලු ලබු කබල් දියෙහි පාවෙන්නේ නැතිව බර වස්තුවක් මෙන් දියෙහි ගිලෙන අයුරු මම දුටුවා”

බුදුන් වහන්සේ –
අනාගතයේ සුදුස්සන්ට මැති ඇමතිකම් නො දී පහත් ගති ඇත්තන්ට ඇමතිකම් හා නිලතල ලබාදෙයි. ඒ හේතුව නිසා රාජ සභාව හිස් කථාවලින් පිරී යනවා. තවද විහාර ආරාම පූජනීය ස්ථාන වලද හිස් දේවල් ම රජ ‍වෙනවා. මිනිස් සිත් තුල හිස් දේවල්ම රජ වෙනවා.

13 වන සිහිනය
කොසොල් රජු –
“මහා විශාල කළු ගල් ජලය මතුපිට පාවෙනවා දුටුවා”

බුදුන් වහන්සේ –
අනාගතයේ පාලකයෝත් ප්‍රජාවත් උගතුන්ගේත්, බුද්ධිමතුන්ගේත්, වියත් සිල්වත් හිමිවරුන්ගේත් උසස් කථා අගය කොට සලකන්නේ නැහැ. ඔවුන් විසින් උගත් බුද්ධිමතුන් නොසලකා හරිනවා. රාජ්‍ය සභාවේත්, රටේ හැම තැනකමත් යහපත් අයගේ අදහස් නොසලකා හරිනවා.

14 වන සිහිනය
කොසොල් රජු –
“ඉතා කුඩා මැඩියන් විශාල කළු නාගයන් පස්සේ පන්නමින් අල්ලා ගෙන අඹුල දඩු වගේ මුරු මුරු ශබ්දයෙන් කනවා දුටුවා”

බුදුන් වහන්සේ –
අනාගතයේ මිනිසුන් වඩ වඩාත් රාගාධික වෙනවා. වයසට ගිය පුරුෂයන් අඩු වයසේ ස්ත්‍රීන්ට හසුවනවා. ඒ ස්ත්‍රීහුත් දේපල වලට ධනයට ආසාවෙන් වියපත් පුරුෂයින් සමග විවාහ වෙනවා. සියලු සම්පත් එම ස්ත්‍රීන් විසින් පවරා ගෙන වියපත් ස්වාමි පුරුෂයන්ට නිග්‍රහ කරමින් ඔවුන් තමන්ගේ වසගයට ගන්නවා.

15 වන සිහිනය
කොසොල් රජු –
“කපුටෙකු ඉතාමත් ලස්සන ස්වර්ණ හංසයන් පිරිවරාගෙන සිටිනවා දුටුවා”

බුදුන් වහන්සේ –
අනාගතයේ පහත් වැඩ කරන දාමරිකයන්, මිනීමරුවන්, සොරුන් වැනි හීන මිනිසුන්ට පාලකයින් විසින් සම්භාවනීයත්වය දෙන නිසා ඒ අය ඉහළින් වැජඹෙනවා. ඒනිසා උගතුන්ට, බුද්ධිමතුන්ට ඹවුන්ගේ යටතේ සිටීමට සිදු වෙනවා.

16 වන සිහිනය
කොසොල් රජු –
“එළුවන් විසින් රුදුරු ව්‍යාඝ්‍රයන් පසු පස එලවා ගොස් උන්ව ගොදුරු කර ගන්නා ආකාරය දුටුවා”

බුදුන් වහන්සේ –
අනාගතයේ දී පහත් ගති ඇති අයට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා මිනිසුන්ට පාරම්පරිකව අයිති ඉඩම් කඩම් ඔවුහු විසින් කොල්ල කනවා. මිනිසුන් අධිකරණයේ පිහිට සෙවීමට ගිය කල්හි ඔවුන්ට මේ දාමරිකයන්ගෙන් තාඩන පීඩන විදීමට සිදු වෙනවා. අත පය කපා ගැනීමට ද සිදු වෙනවා. ජීවිතය ආරක්ෂා කර ගැනීම සදහා ඔවුහු තම ඉඩම් කඩම් වල ආසාව අත් හැර ඒවා දාමරිකයන්ටම දෙනවා. සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා ද අධාර්මික දුස්සීලයනට බලයත් ඉහල තනතුරුත් දැරීමට ඉඩ දී නිහඩව සිටිති.

ලෝකය (බුදු දහමට අනුව)

ලොවෙහි සෑම දෙයක්ම ක්‍රියාකරනුයේ ඉතා සංකීර්ණ නීති පද්ධතියක් මතය. ස්වභාව ධර්මයේ නීති විරෝධීව සිදුවන දෙයක් නැත. හේතූන්ගේ සමායෝජනයෙන් (එකතුවෙන්) යම් දෙයක් සිදුවනු විනා අකාස්මිකව (ඉබේ) යමක් සිදුනොවේ. හේතු-ඵල ධර්මයන්ගේ බල පැවැත්වීමෙන් ලෝකයේ සහ සත්ත්වයාගේ සම්භවය වේ. පටිච්ච සමුප්පාදය වශයෙන් හැම බෞද්ධයෙකුම වගේ දන්නා හේතු-ඵල දහම සත්ත්වයාගේ පරිණාමය විග්‍රහකර දක්වන්නේ පමණක් නොව ද්‍රව්‍යාත්මික ලෝකයක් යථාර්තයෙන් විග්‍රහ කොට දක්වන්නකි. පටිච්ච සමූප්පාදය තේරුම්ගැනීම යනු පුද්ගලයා ද ලෝකයෙහි අන්තර්ගත ක්‍රියා රටාවේම සිද්ධියක් ලෙස දැකීමයි. තමා වෙනමත් ලෝකය වෙනමත් ගෙන තමාට උරුම ලෝකයක් ගැන අරගල නොකරන්නේ මේ අවබෝධය ඇතිවීමෙනි.
නියාම ධර්ම වශයෙන් බුදු දහමෙහි හදුන්වා දෙන නීතිමාලාවක් හැදෑරීම සිත්ගන්නා සුලුය. එය ඉගෙනුම ඉතා ප්‍රයෝජනවත්වේ. වෘක්ෂ ලතාවක් ගැන මොහොතක් සිතන්න. අඹ ගස කිසි දිනක දොඩම් හෝ ජම්බු ඵලයක් ඇති නොකරයි. නමුත් එසේ වන්නේ ඇයි දැයි කෙනෙකු ඇසුවහොත් එය ‘පිස්සු‘ කථාවක් එසේ නැතිනම් තේරුමක් නැති ප්‍රශ්නයක් හැටියට සිතා නිශ්ශබ්ද වෙයි. නමුත් එය තුළ නියාමයක් සැගවී තිබෙන බව නොසිතයි.
නාචින්තයන්තෝ පුරිසො විශේෂමධ ගච්චති
සිතන්නේ නැති පුරුෂයා විශේෂයකට පත් නොවේ, යනුවෙන් බුදුරජාණන් වහන්සේ යමක් ගැඹුරින් සිතීම ප්‍රයෝජනයක් බව පෙන්වා දී ඇත.
ඇපල් ගෙඩියක් බිම වැටීමේ සිද්ධියේ දී ‘ඇපල් බිම වැටෙන්නේ ඇයි?‘ යන චින්තනය ඔස්සේ යමින් ගුරුත්වාකර්ෂණය පෙන්වා දීමට අයිසැක් නිව්ටන් සමත්වූ බව මෙහිදී සිහිපත් කිරීම වටී.
ගස්වැල්වල මේ ක්‍රමානුකූලතාවය වැඩීම, ප්‍රචාරණය(බෝවීම) ආදී සංසිද්ධීන් එක්තරා රටාවකට සිදුවන්නේ බුදුරජාණන් වහන්සේ එදා පෙන්වා දුෙන් බීජ නියාමයට අනුවය. සරල දේ ගැඹුරට සිතීමෙන් වැදගත් දේ උගත හැකිය. බොහෝ දේවල් උගෙන හිතේ පුරවා ගන්නවාට වඩා එක් දෙයක් පිළිබද ගැඹුරට විනිවිද යෑම බොහෝවිට ප්‍රයෝජනවත්ය. ඒ තුළින් යතාර්ථය අවබෝධවන බැවිනි. භාවනා ක්‍රම සෑදී ඇත්තේ ද ඒ ක්‍රමයටය. ලෝකය ගැන ඉගෙනගත්තා වන්නේ ද එවිටය.
බීජ නියාමය මගින් ගස් වැල් පාලනය වන්නාසේම මනෝමය හා කායික ක්‍රියා ද අහම්බෙන් සිදු නොවන අතර විධිමත් බවකින් ද යුක්තවේ. කර්ම නියාමය වශයෙන් හැදින්වෙන එය ගැන දැනුමක් ලබාගැනීම ඉතා වැඩදායකය. බෞද්ධ කර්මවාදය වශයෙන් බොහෝවිට ධර්ම ග්‍රන්ථයන්හි ඒ ලියැවී තිබේ.

දුම්පානය සහ අධික ලෙස මත්පැන් භාවිතය පිළිබද ඔබ දැන යුතු දේ.

දුම්වැටි ඉරීම සහ ඉන් ඇතිවන විපාක
දුම්වැටි එනම් සිගරට්, බීඩිවල කාබන් මොනොක්සයිඩ් ඇතුළු නොයෙකුත් විෂ වායු සහ නිකටින් සංඝටකය අඩංගුයි. මෙම නිකටින් නිසා දුම්වැටියට ඇබ්බැහිවීමට අමතරව ඔබේ සිරුරේ අවයව හා පද්ධති බොහොමයකට හානි සිදුවේ.

හෘදයට වන හානි
හෘදාබාදයක් ඇතිවීමේ අවදානම දුම්පානය කරන්නන්ට, නොකරන අයට වඩා 70% කින් වැඩිය. හෘදාබාධයක් ඇතිවීම තුළින් හෘදය නතරවීම සහ මරණය පවා ඇති විය හැකියි. මෙසේ පවුල් බර දරණ පුද්ගලයා රෝගාතුර වූ විට හෝ නැති වීම තුළින් අසරණ දරු පවුලක් අනාථ වේ. හෘද ස්පන්දනය වේගවත් වීම, රුධිර පීඩනය වැඩි වීම පමණක් නොව ලේ කැටි ගැසීමේ ප්‍රවණතාවද වැඩි වේ. රුධිර කොලස්ට්‍රෝල් මට්ටම වැඩි වීමද සිදුවන නිසා හෘදයාබාධ පමණක් නොව අංශභාගයද ඇති විය හැක. අංශභාගය සෑදීම නිසා ඇදටවීමෙන් ඔබට සහ පවුලේ අයට වන විපාක කෙබදුද?

දුම්වැටි ඉරීම දිගටම සිදු කිරීම නිසා හෘද රෝග වලට ලබාදෙන ඖෂධවල බලයද අඩුවේ.

කකුල්වලට රුධිර සැපයීම අඩු වන නිසා තුවාල සෑදීම හා ඒවා සුව නොවීමද සමහර විට ඇගිලි කොටස් මියයාම නිසා ශල්‍යකර්ම තුළින් පාද ඉවත් කිරීමද සිදුවේ.
ශ්වසන පද්ධතියට වන හානි
•දුම්පානය කරන්නන්ට පෙනහළුවල පිළිකා ඇතිවීම නොකරන්නන්ට වඩා දහ ගුණයකින් වැඩියි.
•පෙනහළු තුළ ඇති, ගර්ත නමැති වාතය හුවමාරු කෙරෙන වායු බුබුළු බිදී යාමේ රෝගය ඇති විය හැක. (එම්ෆීසීමා තත්ත්වය)
•මීට අමතරව ශ්වාසනාල ප්‍රදාහය (බ්‍රොන්කයිටිස්) රෝගයද සුලබ වේ. ස්වරාලයේ පිළිකා සෑදෙන අවදානමද වැඩිවේ.

ආහාර ජීර්ණ පද්ධතියට

•මුඛ පිළිකා ඇති වීම – බුලත් කෑම මෙන්ම දුම්පානය ද මුඛ පිළිකා අවදානම වැඩි කරයි. එමෙන්ම උගුරේ   පිළිකාද ඇති විය හැක.

•ආමාශයේ සිට ගලනාලයට ආම්ලික ද්‍රව්‍ය නැවත ඒම (gastric reflux) ග්‍රහනියේ තුවාල ඇති වීම සහ සමහර විට මෙම තුවාලවලින් රුධිරය වහනය වී මරණය පවා සිදුවේ.
•විදුරුමසේ සහ දිවේ ආසාදන ද වැඩි වේ.
මූත්‍ර වකුගඩු පද්ධතියට වන හානි
• වකුගඩු පිළිකා, මූත්‍රවාහිනී සහ මූත්‍රාශයේ පිළිකා ද ඇති විය හැක.
• පිරිමින්ගේ පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාද ඇති විය හැක.
ගර්භනී මවකට විය හැකි හානි
ගැබ්ගත් ස්ත්‍රීය දුම්පානය සක්‍රියව හෝ අක්‍රියව (එනම් වෙන කෙනෙකු දුම්පානයේදී පිට කරන දුම ආඝ්‍රාණය කිරීම) කළහොත් ගබ්සා ඇතිවීම සිදුවේ. දරුවාගේ උපත් බර අඩු විය හැක. වැදෑමහ විකෘතිතා නිසා ගර්භය තුළ දරුවා මිය යාම සිදු විය හැක. දරුවාට සංජානනීය හෘද රෝග සෑදීමේ අවදානමද වැඩි වේ.
දුම්පානය නිසා ශුක්‍රාණුවල විකෘතිතා ඇති විය හැක. එමගින් බිහිවන දරුවන්ට සංජානනීය හෘද රෝග, උඩුතොල බෙදී යාම වැනි විකෘතිතා ඇති විය හැක. ඔබේ දුම්පානය අහිංසක දරුවාට බලපාන අයුරුයි ඒ.
පිරිමින්ගේ ලිංගික අප්‍රාණිකතා පවා ඇති වේ.
ඇටකටු බොල් වීම හා දිරාපත් වීම එනම් ඔස්ටියෝපෙරෝසිස් රෝගයද දුම්වැටි උරන්නන්ගේ වැඩියි.
ඔබ නිවස තුළට වී දුම් බොන්නේ නම් ඉන් පිටවන විෂ දුම් දරුවා ආඝ්‍රාණය කිරීම තුළින් ඔවුන්ගේ මානසික වර්ධනය පසු බැසීම, ඉගෙනීමේ දුර්වලතා ඇති විය හැකියි. මෙම විෂ ශරීර ගත වීමෙන් ඔබේ දරුවා ලියුකීමියාව (සුදු රුධිරාණු පිළිකා) සහ වසා ගැට පිළිකාවලට ගොදුරු වීමේ අවදානමද වැඩි වේ. මෙසේ වටිනා ජීවිතයක් ඔබේ දුම්වැටිය නිසා විනාශ වීමට ඉඩ දෙන්නේ ඇයි?

දුම්පානය
ඔබ දුම්පානය නවත්වන්නට අදහස් කරන්නේ නම් එය දුම්වැටියෙන් වැටිය අඩුකරගෙන යනවාට වඩා එකවර නතර කිරීම වඩාත් සුදුසු වේ. සිත පාලනය කර ගැනීම සහ දුම්වැටි නිසා ඔබට හා ඔබේ පවුලේ අයට වන විපාක මතක් කර ගැනීමෙන් එය පහසු වේ. දුම්වැටි භාවිතය නිසා ආර්ථිකව ඔබ කෙතරම් මුදල් නාස්ති කරයිද? මේ සියල්ල ඔබේ දරුවා වෙනුවෙන් හෝ ඔබේ ඉදිරි අනාගතය සදහා ඉතුරු කළ හැකි නම් එය කොතරම් හොදද?

දුම්වැටි නවත්වා මුල් අවධියේ නිකටින් වලට අබ්බැහි වීම නිසා නැවත එම පුරුද්දට යාම සිදු විය හැක. නිකටින් අඩංගු සමේ ඇලවිය හැකි පැච් වර්ග බෙහෙත් සැල් වලින් ලබා ගත හැක. මෙසේ ටික කලක් ඒවා උපකාරි කර ගැනීම තුළින් ද දුම්පානය අත්හැරීම පහසු වේ. මේ සදහා ඔබේ පවුලේ සහයෝගය සහ අගය කිරීමද වැදගත් පිටුවහලක් වේ.

අධිකව මත්පැන් පානය කිරීම නිසා ඇති වන විපාක

දුම්පානය මෙන්ම අධික ලෙස මත්පැන් පානය කිරීම ද ඔබේ ශරීරයට ඉතාමත් අහිතකරයි. සතියකට මිලි ලීටර 60 ක් වැනි සුළු ප්‍රමාණයක් පානය කිරීම එතරම් හානිදායක නොවුවත් සම්පූර්ණයෙන්ම නොගෙන සිටීම වඩාත් හිතකරයි. අධිකව මත්පැන් භාවිතය ශරීරයේ නොයෙකුත් පද්ධතිවලට හානි ගෙන දෙන අතර ආහාර ජීර්ණ පද්ධතියට වන හානිය ඉන් මුල් තැනක් ගනී.
ආහාර ජීර්ණ පද්ධතියට වන හානි අතර ආමාශයේ ඇති වන තුවාල හා ඉන් ඇතිවන ලේ ගැලීම, බඩපපුව දැවිල්ල, ගැස්ට්‍රයිටීස් (ආමාශ ප්‍රදාහය) මින් සමහරකි. උගුර සහ ගලනාලයේ පිළිකාද ඇති විය හැක. ගලනාලය වටා ඇති ශිරා පද්ධතිය ඉදිමී ගැට ගැසීම නිසා සුළු කැස්සක‍ට පසු වුවත් මේවා පිපිරී ලේ ගැලීමෙන්, ලේ වමනය අධිකව ඇති විය හැක. මත්පැන් පානය කිරීමේදී ආහාර මාර්ගයේ ඇතුළත ස්ථරයට වන හානි නිසා ආහාර ජීර්ණය සහ අවශෝෂණය අඩුවේ. එවිට විටමින් ඌණතා (විටමින් ඒ, බී, ඩී වැනි) සහ අනෙකුත් පෝෂණ ඌණතා ඇති විය හැක. ඒ අතර නීරක්තය / රක්තහීනතාව එනම් ලේ අඩුකමද මුල් තැනක් ගනී.

අධික ලෙස මත්පැන් පානය කරන්නන්ගේ අක්මාව වටා තෙල් තැන්පත් වී ඉදිමීමක් දක්නට ලැබේ. (Fatty liver) ඔවුන්ට සෙංගමාලය එනම් හෙපටයිටීස් වැළදීමේ අවදානම වැඩිය. එවිට උණ, අධික බඩේ කැක්කුම, ඇස් කහ වීම වැනි ලක්ෂණ මතුවේ. සමහර විට අක්මාව අකර්මණ්‍ය වීම එනම් අක්මාවට තම කාර්යය ඉටු කිරීමට නොහැකි වේ. (සිරෝසිස්) එවිට අත් පා ඉදිමීම, බඩ ඉදිමීම එනම් උදර කුහරයේ ප්ලස්මාව එකතුවීම නිසා මෙසේ සිදුවේ. මෙලෙස එකතුවන දියර ඉවත් කිරීම සදහා නිතර රෝහල් ගත වීමද සිදුවේ. නැතිනම් අධිකව බඩ ඉදිමීම නිසා හුස්ම ගැනීමද ඉතා අපහසු වේ. අධිකව මත්පැන් පානය කරන්නන් අතර අක්මා පිළිකා ඇතිවීමේ ප්‍රවණතාද වැඩියි.

මොවුන්ට හෘදයාබාධ වැළදීමේ අවදානමද වැඩියි. එසේ වන්නේ රුධිරගත කොලස්ට්‍රෝල් මට්ටම ඉහළ යාමත්, හෘද ස්පන්දනය ක්‍රමවත්ව සිදු නොවීමත්, අධික රුධිර පීඩනය ඇතිවීමත් නිසාය. සමහර විට හෘදය අකර්මණ්‍ය වීමද ඇති වියහැක. එවිට හෘදයට නිසි පරිදි රුධිරය පොම්ප කළ නොහැකි වේ.

ස්නායු පද්ධතියට විය හැකි හානි අතර අංශභාගය (එනම් ශරීරයේ පැත්තක් පණ නැති වීම), ඇස් පෙනීම දුර්වල වීම, කුඩා මොළය ක්ෂය වීම, මතකය අඩු වීම සහ සිහිය මද වීම, (Dementia) අත් පා දැවිල්ල, නින්ද නොයාම පමණක් නොව අනුන්ව අනවශ්‍ය ලෙස සැක කිරීම වැනි මානසික ප්‍රශ්නද පැන නගී.

මීට අමතරව ලිංගික ශක්තිය අඩුවීම සහ වෘෂණ කෝෂ ක්ෂය වීම නිසා මද සරු බව පවා ඇති විය හැක. මෙහිදී මත්පැන් බොන පිරිමියා සහ බිරිද අතර නොයෙකුත් ගැටුම් හටගත හැක. එපමණක් නොව වෙරි මතින් තම බිරියට සහ දරුවන්ට පහර දීම වැනි අමානුෂික ක්‍රියා නිසා නොයෙකුත් පවුල් ප්‍රශ්න සහ සමාජීය ගැටළු ද මතුවේ. දරුවන්ද සමාජයට මුහුණ දීමට නොහැකිව ලැජ්ජාශීලී පසුබට පුද්ගලයන් වීමද සිදුවිය හැක.

අධිකව මත්පැන් පානය කරන්නන්ගේ මාංශ පේශි සෛල විනාශ වීම හා දුර්වල වීම නිසා කෙණ්ඩ පෙරළීමද, කකුල්වල අධික වේදනාවක්ද ඇති විය හැක.

මෙසේ බලන විට දුම්පානය සහ මත්පැන් ඔබ‍ව කෙතරම් විනාශ කරයිද? ඔබේ මුදල් මෙසේ නාස්ති කරන්න එපා. ජීවිතයට ආදරය කරන්න. මෙම නරක පුරුදු වලින් ඉවත්වීමෙන් ඔබගේ ජීවිතය කෙතරම් සැපවත් වේදැයි නිතර මතක් කර ගන්න. එවිට මේවා නැතිව ජීවත් වීම එතරම් අපහසු නැතැයි ඔබටම වැටහේවි.

ආගමික වේලාව

මෙකල ඇතැම් ගෙවල් වල බුදුන් වැඳීමට ස්ථානයක්, කුඩා මන්දිරයක් ද හදාගෙන ඇත. එය ඉතා හොඳයි. ඇතැම් අය උදේ සවස බුදුන් වදිනවා. මල්-පහන් ආහාර-පාන පූජා කරනවා. සුන්දර ප්‍රතිපදාවෙකි.

එසේ ම හැම ගෙදරක ම ආගමික වේලාවක් සම්මත කර ගත යුතු ය. මේ කටයුත්තට දෙමාපියන් සිටිය යුතු බැවින් විශේෂයෙන් පියාණන්ට පහසු වේලාවක් වීම හොඳයි. මේ කටයුත්තට ලොකු ළමයින් මෙන් ම කුඩා ළමයින් ද සහභාගී කරගත යුතු බැවින් රෑ නොවිය යුතුය.

දෙමාපියන් ගේ ආදර්ශය දරුවනට ලැබිය යුතුම හෙයින් මවුපිය දෙදෙනා ම සහභාගී විය යුතුම යි. නො වැලැක්විය හැකි කටයුත්තක් යෙදුණත් එක්කෙනෙකු හෝ සහභාගී විය යුතුය. යම් විදියෙකින් ගෙදරට අමුත්තකු දෙදෙනකු පැමිණියොත් හදිස්සියක් නොවේ නම් ඒ අයත් ආගමික වේලාවට සහභාගී කරගත යුතුය. එසේ කිරීමෙන් යහපත් දෙයක් සිදු වෙනවා.

එසේ සහභාගී වූ අය සිය නිවෙස්හිත් ආගමික වේලාවක් ආරම්භ කිරීම
නැවැත මේ වේලාවට නො පැමිණීම

නියමිත වේලාවට ගෙදර සියලු දෙනාම බුදුන් වඳින තැනට හෝ සුදුසු තැනකට හෝ රැස් වී පහත සඳහන් කරුණු ටික සම්පූර්‍ණ කළයුතු වේ.

පන්සිල් සමාදන් වීම.
බුදුන් වැඳීම, මල් පහන් පිදීම.
කරණීයමෙත්ත සූත්‍රයවත් එකර සජ්‍ඣායනා කිරීම.
ළමයිනටත් ගැලපෙන පරිදි සුළු වේලාවක් භාවනා කිරීම.
බණ පොතකින් පිටු දෙකක් වත් කාටත් ඇසෙන සේ කියවීම.
දරුවන්ගේ කටයුතු සොයා බලා අවවාද කිරීම.
දෙවියනට පින් දීම (නම් ගම් කියමින් දෙවියන් ඇදහීම බෞද්ධ ක්‍රමය නොවේ. ආකාසට්ඨාච… ගාථාවෙන් පමණක් දෙවියන්ට පින් දෙන්න)
දරුවන් දෙමාපියන්ට වැඳ කටයුතු අවසන් කිරීම.

‍කුඩා දරුවන් සහභාගී වන නිසා භාවනාව මෙසේ යොදාගැනීම මැනැවි.

“මම නිදුක් වෙම්වා, නීරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. මා මෙන්ම සියලු සත්වයෝ ද නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා” යි කාටත් ඇසෙන සේ පස් වාරයක් හීන් හඬින් කියා එය ම නිහඬව පස් වාරයක් සිතීම.

බණ පොතෙකින් දවසකට පිටු දෙකක් කියවූ විට මාසයකට පිටු හැටක කරුණු ඉගෙන ගනී. අවුරුද්දකර පිටු 728ක කරුණු ඉගෙන ගනී.

පුරාණ කාලයෙහි කටුයුතු බහුල රජවරු ද මේ නයින් බොහෝ බණ ‍ඉගෙන ගත්තා. සැදැහැවත් ජනතාව ද එසේ ම ඉගෙන ගත්තා. සමහර රජවරු අභිධර්මයෙන් ද බණ කියා ඇත. එබැවින් මෙම කරුණු පිළිපදින්න.

සැමට තෙරුවන් සරණයි.

දහම් හඬ පැතිරවීම උදෙසා……